IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ලංකාවේ ණය උගුලෙන් ගැලවෙන්න ජාත්‍යන්තර නීති උපදෙස් ගන්න යයි

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබාගැනීම සඳහා ජාත්‍යන්තර නීති ආයතනයක සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවකදී  කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර නීති ආයතනයකින්  තාක්ෂණික උපදෙස්  ලබා ගැනීමට තීරණය කළ බව දැනුම් දී තිබේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇති බවත් අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම සඳහා  තාක්ෂණික කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇති  බවත් පතිරණ මහතා ප්‍රකාශ කළේය.

මාධ්‍ය හමුවේදී මාධ්‍ය වේදියෙක් ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබාගැනීම සඳහා ඇමෙරිකානු නීති ආයතනයක සහාය ලබාගන්නේද යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් පතිරණ මහතා පැවසුවේ

"ඔව් මේ සම්බන්ධයෙන් පැහැදිලි විනිවිදභාවයකින් කටයුතු කරන්න ඕනේ අපි තීරණය කරලා තියෙනවා දීර්ඝ කාලීන පදනම මත නීති ආයතනයක තාක්ෂණික සහාය ලබා ගන්න මේ සම්බන්ධව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය  ජී.එල් පිරිස් සහ අධිකරණ අමාත්‍ය නීතිඥ අලි සබ්රි යන මහත්වරු නායකත්වය දේවි"

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග නිල  සාකච්චා අප්‍රේල් මස මැද ආරම්භ වීමට නියමිතව ඇත.

විමුක්ති එස් රුද්‍රිගු



අදහස් (2)

ලංකාවේ ණය උගුලෙන් ගැලවෙන්න ජාත්‍යන්තර නීති උපදෙස් ගන්න යයි

ravin Tuesday, 22 March 2022 05:59 PM

හරි ඔන්න තව ගැහිල්ලක්... පහුගිය දවස්වල කොහෙදෝ යන හොරෙකුට රට පිළිබඳ ආකල්ප වෙනස් කිරීමට කියලා සල්ලි ගෙවලා අන්තිමට ඒක දන්නෙත් ඇමෙරිකාව එම පුද්ගලයාව වංචා හේතු මත හිරේ දැම්මායින් පස්සේ නේද? ජාත්‍යන්තර නීති පිළිබඳ මොල මෙහෙ ඇත්තෙම නැද්ද? හැබැයි මෙහෙ නීති විශාරදයෝ වැහි වැහැලා...

:       0       0

Sunil Tuesday, 22 March 2022 06:08 PM

ඒ ගාස්තු ගෙවන්න ණය ගන්නේ කොහෙන්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 544 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site