
(අංජුල මහික වීරරත්න)
චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික මහජන කොංග්‍රසයේ (NPC) ස්ථාවර කමිටුවේ උප සභාපති වැන්ග් ඩොංමින් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතර නිල හමුවක් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකාව මෑතකදී මුහුණ දුන් ස්වභාවික ආපදා තත්ත්වයේදී චීන රජය ලබා දුන් ක්ෂණික ආධාර පිළිබඳව අග්‍රාමාත්‍යවරිය මෙහිදී ස්තූතිය පළ කළ අතර, අපදා තත්වයෙන් පසු ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීමේ සහ නැවත ගොඩනැගීමේ අදියරට පිවිස ඇති බව ද අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.
ආපදාවෙන් පීඩාවට පත් වූවන්ට සිය කනගාටුව ප්‍රකාශ කළ වැන්ග් ඩොංමින් මහතා, ඉදිරි ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ද චීනයේ උපරිම සහාය ලබා දෙන බවට සහතික විය.
මෙම අවස්ථාවට චීන තානාපති චී ෂෙන්හොං , අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි අග්‍රාමාත්‍ය කාර්යාලයේ සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරී පිරිසක් ද සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊලඟට ඉල්ලන්නේ ලංකාවේ මොන කෑල්ලද?
Kalle ” කියන්නේ ගැහැණු ළමයින්ට නේද?