
(අංජුල මහික වීරරත්න)
පරන්තන්හි කෝස්ටික් සෝඩා/ක්ලෝරීන් ව්‍යාපෘතිය සඳහා උනන්දුවක් දක්වන ආයෝජකයින් වෙතින් අභිලාෂය පළ කිරීමේ යෝජනා කැඳවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
පරන්තන් රසායනික කර්මාන්ත ශාලාව පිහිටා තිබු පරිශ්‍රයේ කෝස්ටික් සෝඩා/ක්ලෝරීන් නිෂ්පාදන කර්මාන්ත ශාලාව නැවත ආරම්භ කිරීම සඳහා වන ශක්‍යතා අධ්‍යයනයක් සීමා සහිත පරන්තන් කෙමිකල්ස් සමාගම විසින් දැනටමත් අවසන් කර ඇති අතර, ඉදිරියේදී කර්මාන්ත ශාලාව එම ස්ථානයේ ස්ථාපිත කිරීමට සැලසුම් සකස් කරමින් පවතී.
දැනට පරන්තන් කෙමිකල්ස් සමාගම විසින් ක්ලෝරීන් ආනයනය කර රට පුරා බෙදාහරිනු ලබන අතර, රටේ ජල පිරිපහදුව සඳහා අවශ්‍ය මුළු ක්ලෝරීන් ප්‍රමාණයම ආනයනය කරනු ලබන බැවින්, ගෝලීය සැපයුම දාම වලට බාධා සිදු වන අවස්ථා වලදී සමස්ත ජල පිරිපහදු පද්ධතියම ඇණහිටීමේ අවදානමක් පවතී. එසේම, ක්ලෝරීන් ආනයනය සඳහා වැය වන විදේශ විනිමය අවම කර ගනිමින් ජල සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා ක්ලෝරීන් නිපදවීමේ කම්හලක් රට තුළ ස්ථාපිත කිරීම ජාතික වශයෙන් වැදගත් කාර්යයක් ලෙස හඳුනාගනු ලැබ තිබේ. එමෙන්ම, යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම මඟින් සෘජු රැකියා අවස්ථා 95 ක් පමණ සහ වක්‍ර රැකියා අවස්ථා 2,000 ක් පමණ නිර්මාණය වනු ඇති බවට අපේක්ෂා කෙරේ.
ඒ අනුව, සීමාසහිත පරන්තන් කෙමිකල්ස් සමාගම පිහිටි ඉඩමෙන් එම සමාගම වෙත වෙන් කර දෙනු ලැබ ඇති අක්කර 30ක භූමිය තුළ යෝජිත ව්‍යාපෘතිය රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්ව ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා උනන්දුවක් දක්වන දේශීය සහ විදේශීය ආයෝජකයින් වෙතින් අභිලාෂය ප්‍රකාශ කිරීම් කැඳවීම පිණිස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1766										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1766										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1451										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1451										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ලංකාවේ ක්ලෝරීන් කම්හලක් අරින්න යයි
ගුණරත්න Wednesday, 24 September 2025 11:26 AM
හුරේ මූදු වතුරෙන් සල්පියුරික් අම්ලෙත් හදයි නේද?
Perakum LiyanagamaWednesday, 24 September 2025 04:36 PM
ඊට වඩා නරකද අයිස් ෆැක්ටරියක් දැමිමොත් කාට කාටත් ගොඩ යන්න පුලුවනි.
Chandana Wednesday, 24 September 2025 11:38 PM
බල්ලා බිරුවා
Vidya Thursday, 25 September 2025 05:48 AM
අපිරිසිදු දුග්ංද හමන වැසිකිලි පද්ධති පිරිසිදු කිරීම සංදහා ක්ලෝරීන් අත්‍යාවශ්‍ය රසායනික දියරයක්