IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ලංකාවේ කඩොලාන රකින්න පොදු රඳ මඬුලු සහය

(අංජුල මහික වීරරත්න)

පොදු රාජ්‍ය මණ්ඩලීය ආයතනයකින්  ලබා දෙන මුල්‍ය ප්‍රදානයන් මඟින් කඩොලාන සංරක්ෂණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2023 වර්ෂයේදී පොදු රාජ්‍ය මණ්ඩලයීය Blue Charter Project incubator ආයතනය විසින් කඩොලාන සංරක්ෂණය වෙනුවෙන් ප්‍රදානයන් ලබා දීම සඳහා සොදුරාජ්‍ය මණ්ඩලීය රට වලින් ව්‍යාපෘති යෝජනා කැඳවා ඇත. ඒ සඳහා ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති ව්‍යාපෘති යෝජනා 2 ක් පොදු රාජ්‍ය මණ්ඩලීය Blue Charter Project Incubator ආයතනය විසින් තෝරාගනු ලැබ තිබේ. 

ඒ අනුව ශ්‍රී ලංකාවේ කඩොලානයන්හි මූලික කාබන් නියැදිය ගණනය කිරීමේ ව්‍යාපෘතිය සහ කඩොලාන ප්‍රතිස්ථාපනය කිරීමේදී මුල් සංක්‍රමණිකයන් පිළිබඳව අධ්‍යයනය කිරීම සහ සැටලයිට් හා ඩ්‍රෝන තාක්ෂණය ආධාරයෙන් කඩොලාන සහ මුහුදු තෘණ අතරමැදි කලාපය සිතියම්ගත කිරීමේ ව්‍යාපෘතිය සඳහා ප්‍රදානයන් ලබා දීමට එම ආතනය විසින් තීරණය කරනු ලැබ ඇත. 

එකී ව්‍යාපෘතීන් වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කිරීමටත්, ඒ අනුව අදාල ගිවිසුම් වලට එළඹීම පිණිසත් වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරිය  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත ක‍ෙළේය.

 



අදහස් (1)

ලංකාවේ කඩොලාන රකින්න පොදු රඳ මඬුලු සහය

ravin Wednesday, 26 June 2024 10:19 AM

කඩොලාන කෙසේ වෙතත් කාලකන්නි ටික කරන හොරකම් නතර කිරිමට සහයව ලැබෙනවා නම් සියලු දේ ආරක්ෂා කරගත හැකි වේවි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 536 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site