(අංජුල මහික වීරරත්න)
චීනයේ හයිනෑන් ප්‍රාන්තයේ වාර්ෂිකව පැවැත්වෙන කෘෂිකාර්මික ප්‍රදර්ශනයට ලංකාවේ පළතුරු හා එළවළු ඉදිරිපත් කරන්නැයි චීනය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට නිල වශයෙන් ආරාධනා කළේය.
ලබන දෙසැම්බර් මාසයේ දී එම ප්‍රදර්ශනය පැවැත්වේ.
චීන හයිනෑන් පළාතේ උප ආණ්ඩුකාර Gu Gang මහතා ඇතුළු නියෝජිත පිරිසක් කෘෂිකර්ම අමාත්‍යංශයට පැමිණ මෙම ආරාධනාව කළේය.
මෙහිදී එම නියෝජිතයෝ ශ්‍රී ලංකාවේ වී වගාව සම්බන්ධව ද සාකච්ඡා කළහ.
හයිනෑන් වී වගාව ප්‍රමුඛ කර ගත් ප්‍රාන්තයක් බවත් එම පළාතේ හෙක්ටයාර් එකකට වී අස්වැන්න කිලෝග්‍රෑම් 7500ක් බවත් චීන නියෝජිතයෝ පැවැසූහ.
දැනට මෙට්‍රික් ටොන් 4.5 - 5.0 දක්වා වන ලංකාවේ වී නිෂ්පාදනය ඉහල නැංවීම සඳහා හයිනෑන් ප්‍රාන්තයේ තාක්ෂණික සහයෝගය ලබා දීම සම්බන්ධව ද මෙහිදී අදහස් පළ වූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
ශ්‍රී ලංකාවේ පළතුරු සම්බන්ධව කරුණු දැක්වු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ වනවිට අපනයනය ප්‍රමිතියෙන් යුත් ඇඹුල් කෙසෙල්, කටු අනෝදා, පැෂන් පෘට්, පැපොල්, හා අන්නාසි ද මෙරට වගා කරන බව සඳහන් කළේය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ලංකාවෙි එළවළු, පළතුරුවලට චීනයෙන් ආරාධනයක්
කිරිපුතා Tuesday, 26 September 2023 12:59 PM
ජාන විකෘති සහ අධික වස විෂ නැතිව ඕන දෙයක්. නැත්නම් රටේ අනාගත පරපුරම ලෙඩ්ඩු වෙනවා වැඩි තන්හාව ට ගිහින්
chandima Tuesday, 26 September 2023 02:19 PM
අමතිතුමාවත් පුලුවන්නම් බලන්න ඔය වැඩේ කරන්න .ජනාධිපති තුමාට මේ දවස්වල ලෝක නායකයෝ හම්බුවෙන්න ,ලෝක පරිසරය ගැන කතා කරන්න ,ලෝකේ රටවල් වලට සංවර්ධනය ගැන කියලා දෙන්න එහෙම තියනවනේ .ඒ නිසා මේවාට වෙල්වක් නැහැ
කොතලාවල මල්කාන්ති Wednesday, 27 September 2023 10:15 AM
කොහොමින් කොහොම හරි කොතලහිඹුටු වලට වෙච්චි දේ අනෙක් ඒවට නොවෙන්න කටයුතු කලොත් හොදයි