
(සමන් පාලිත නානායක්කාර)
ලංකාවේ අහසත් ඉන්දියාවට විකුණා අවසන් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අද (22) හපුතලේ දී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
හරීන් ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ හපුතලේ සංචාරක හෝටලයකදී පැවති මාධ්‍ය හමුව අමතමිනි.
හරීන් ප්‍රනාන්දු මහතා මෙසේද කීවේය.
විශේෂ කරුණක් කියන්න ඕනි වුණ නිසයි මම ගමට ඇවිත් මෙසේ මාධ්‍ය හමුවක් පවත්වන්නට තීරණය කළේ.
අද පාර්ලිමේන්තු දවසක්ව වුණත් හදිසි වැඩ කටයුත්තකට මේ ප්‍රදේශයේ රැදෙන අතරතුර දී කතා කළ යුතුම කාරණාවක් සම්බන්ධයෙන් කියන්න තිබෙනවා.
අද ලංකාවේ මිනිසුන් විශාල වශයෙන් දුක් විඳිනවා. පාරවල් ගානේ පෝලිම්වල මිනිසුන් මැරෙනවා.
ඊයේ දවසේ කැබිනට්ටුවට අපූරු පත්‍රිකා හත අටක් ගෙනල්ලා. මේකෙදි ලංකාවේ ආරක්ෂාව යැයි කියමින් ඉන්දියාවට අපේ ලංකාවේ අහස විකුණා අවසන්. ලංකාවේ මහ මුහුද චීනයට දුන්නා. ගොඩබිම චීනෙට දුන්නා. වරාය ඇමරිකාවට දුන්නා. දැන් අහස ඩොලර් මිලියන විසි නමයකට ඉන්දියාවට විකුණා අවසන්.
මෙසේ අහස විකුණුවේ පළවෙනි වතාවට. ණය ගැනීම ඉවරයක් නැහැ. ලංකාවේ මිනිසුන්ගේ ජීවදත්ත ගැනීමේ අයිතිය පවා ඉන්දියාවට දෙනවා. ඉන්දියාවේ භාරතීය ඉලෙක්ට්‍රොනික් ආයතනයට තමයි මේක බාර දීලා තියෙන්නේ.
මේ වැඩ කරන විරුවා ලංකාවේ ආරක්ෂාවක් ඉන්දියාවට විකුණුවා. තෙල්වලටත් අමු අමුවේ ඩීල් එකක් ගහනවා. ලංකාවේ මිනිස්සු පෝලිම්වල දුක් විඳිනවා.
අපි අන්තර් ආණ්ඩුවක් ගත්තොත් වැටුප් නොගෙන අවුරුද්දක් එකහමාරක් තෙල් ගන්නෙත් නැතුව පාර්ලිමේන්තුව කෑම ගන්නෙත් නැතිව රට ගොඩනගන්න වැඩ කරනවා.“ යැයි ද හරින් ප්‍රනාන්දු මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ බැලුම් යවලාත් ඉවරයි...!
බොරු කීමේ සීමාවක් තියාගන්න. දැන් ඔයාලා අවලංගු කාසි.
හරි දුකයි ඔයා විකුනන්න හිතාගෙන හිටපු එක ඒ අය විකුනුවාම.
ඔයාලගේ පාරම්පරික පව් තමයි අපි මේ ගෙවන්නේ
ඔක්කොම එකපාර විකුණලා දැම්මානම් ඉවරයි.
ඔක්කොටෝම කලින් අර ලයිට් බිල ගෙවන්න.
වහල්ලුන්ට මේවා කියලා වැඩක් නෑ... හරීන් මහත්තයා. රටට මෙච්චර වෙලත් සර් ෆේල් නැහැ කිය කිය ඉන්නවා.
පවුල් පාලනේ කරපු මහාපරිමාණ හොරකම්, වංචා, දූෂණ, නාස්තිකාර වැඩවල ප්‍රතිඵල තමයි ජනතාවට අද විඳවන්න වෙලා තියෙන්නේ...
ඇඟ තිබුණට මොලේ වැඩිලා නැහැ. විදුලි බිල ගෙවලා ඉවරද?