IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


ලේකම්වරුන් සභාපතිවරුන් ඇතුළු18 කගේ පැටිකිරිය සොයන්න යයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

අමාත්‍යාංශ හයක ලේකම්වරුන් ලෙස පත් කෙරුණු   6 දෙනකුගේ   සහ සංස්ථා, අධිකාරි  හා කොමිෂන්   සභා 12ක සභාපතිවරුන් ලෙස පත් කෙරුණු දොළොස් දෙනෙකුගේ  සුදුසුකම් පරීක්ෂා කර බැලීමට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව තීරණය  කර ඇත.

මේ අනුව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත්කෙරුණු ඩී .එම්.එල් බණ්ඩාරනායක මහතාගේද පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා  කිරි හා බිත්තර ආශිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් පත් කෙරුණු  ආර්.එම්.එස් සමරදිවාකර මහතාගේද ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් පත් කෙරුණු එස් ජේ චන්ද්‍රගුප්ත මහතාගේද උක්  බඩ ඉරිගු,  කජු ,ගම්මිරිස්, කුරුඳු, කරාබු නැටි ,බුලත් ඇතුළු කුඩා වැවිලි බෝග වගා සංවර්ධනය ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් පත් කෙරුණු එස්.ඩී පාඩිකෝරල  මහතාගේද  ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව් ජලාශ හා වාරිමාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් පත් කෙරුණු කේ.ජී විජේසිරි මහතාගේද පළාත් සභා හා පළාත් පාලන  කටයුතු  රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් පත් කෙරුණු එම්.බී වීරසේකර මහතාගේද සුදුසුකම් මේ අනුව පරීක්ෂා කෙරෙනු ඇත.

මෙයට අමතරව ජාතික  චිත්‍රපට සංස්ථාවේ සභාපති වශයෙන් පත් කෙරුණු ජයන්ත ධර්මදාස මහතාගේද  ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති වශයෙන් පත් කෙරුණු ඩබ්ලිව්.පී .වී දයාරත්න මහතාගේද ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවේ සභාපති වශයෙන් පත් කෙරුණු ඒ එච් ඩබ්ලිව් අඹවත්ත මහතාගේද මහජන බැංකුවේ සභාපති වශයෙන් පත් කෙරුණු සුජීව රාජපක්ෂ මහතාගේද ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති වශයෙන් පත් කෙරුණු ලලිත් පියුම් පෙරේරා මහතාගේද ලංකා ධීවර සංස්ථාව සභාපති වශයෙන් පත් කෙරුණු කෙරුණු ස්ටෙෆාන් අබේසිංහ මහතාගේද  ජාතික තරුණ සේවා සභාවේ  සභාපති දමිත වික්‍රමසිංහ මහතාගේද  සීමාසහිත ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව සභාපති වශයෙන් පත් කෙරුණු එන් ටී  එන් විජේසේකර මහතාගේද නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සභාපති වශයෙන් පත් කෙරුණු මෙවන් ලසිත් සුබසිංහආරච්චි මහතාගේද ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වශයෙන් පත් කෙරුණු වෛද්‍ය රසිත විජේවන්ත  මහතාගේද  ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති වශයෙන් පත් කෙරුණු ජේ.කේ රත්නායක මහතාගේ සහ  සීමාසහිත ශ්‍රීලංකන් එයාර් ලයින්  ආයතනයේ  සභාපති වශයෙන් පත් කෙරුණු  අශෝක පතිරගේ  මහතාගේද  සුදුසුකම් පරීක්ෂා කර බැලීමට තීරණය කර ඇත.

මෙම පත් කිරීම් සම්බන්ධයෙන් කරුණු දැක්වීමට කවර හෝ සංවිධානයක් වූ පුද්ගලයකු කැමැත්තේ නම් ඒ සම්බන්ධයෙන් සකස් කෙරුණු ලිඛිත සංදේශ  ලේකම්, උසස් නිලතල පිළිබඳ කාරක සභාව, කාරක සභා කාර්යාංශය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ හැකිය.

මෙයට අමතරව ලිඛිත සංදේශ 011-2777300 යන ෆැක්ස් අංකය මගින් හෝ highposts - c @ parliament.lk යන ලිපිනයට විද්‍යුත් තැපෑලෙන් හෝ එවිය හැකි බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.



අදහස් (3)

ලේකම්වරුන් සභාපතිවරුන් ඇතුළු18 කගේ පැටිකිරිය සොයන්න යයි

sharm warn Wednesday, 02 March 2022 01:50 PM

ලේකම්ගේ සුදුසුකම් බලන්න කළින් වගකිවයුතු අමාත්‍යාංශවල ඇමැතිවරුන්ගේ සුදුසුකම් හොයලා බැලුවොත් නරකද? කෝච්චියේ මාලකඩපු අය, මිනී මරලා එල්ලුම් ගහට නියම වෙච්චි අය... රාජ්‍ය දේපළ මංකොල්ල කාපු අය... ඒ නඩුවලින් නිදොස් කොට නිදහස් කළේ සම්පූර්ණ නිවැරැදිකරුවෝ නිසා නෙමෙයි කියලා රටම දන්නවනේ...

:       2       15

fairoos Wednesday, 02 March 2022 04:43 PM

ආණ්ඩුවට ගැලපෙන්නේ නැතිනම් දඬුවම්... සර්ට කඩේ ගියානම් ගොඩ...

:       0       5

ගමේ එකාලා Wednesday, 02 March 2022 05:50 PM

තමුන්ගේ ඇහේ තියෙන පොල් පරාලේ ගැන නොසොයා අනුන්ගේ ඇස්වල තියෙන කුණු හොයන්න යනවා. මොළහතාලාගෙන්ම පටන් ගන්නනේ තිබුණේ...!

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 50 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 211 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 549 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site