
(තුසිත කුමාර ද සිල්වා)
විෂය පරීක්ෂණයකින් ලකුණු 40 ට අඩුවෙන් ලබා ගත්තැයි බේරුවල, මග්ගොන මුස්ලිම් විද්‍යාලයක විදුහල්පතිවරයකු විසින් 3 වසරේ ඉගෙනුම ලබන සිසුවකු පාසල් ගේට්ටුවෙන් එළියට දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිසුවාගේ පියා විසින් අද (7) පැමිණිල කළ බව බේරුවල පොලිසිය පවසයි.
එම සිද්ධිය සම්බන්ධයෙන් එම සිසුවාගේ පියා අද(7) දහවල් පාසලට අනවසරයෙන් ඇතුළු වී තමන්ට පරුෂ වචනයෙන් බැන තර්ජනය කළ බවට විදුහල්පතිවරයාද පැමිණිලි කළ බව බේරුවල පොලිසිය කියයි.
ප්‍රාථමික පංතිවල ඉගෙනුම ලබන සිසුන්ගේ විෂය දැනුම මැන බැලීම සඳහා ඒ ඒ ශ්‍රේණි වෙනුවෙන් පවත්වන පරීක්ෂණ වලින් ලකුණු 40 ට අඩුවෙන් ලබාගත් සිසුන්ගේ දෙමාපියන්ට පාසලට පැමිණෙන්නැයි දැනුම් දී තිබූ අතර සිද්ධියට මුල් වූ මෙම සිසුවා ගේ පියාට ද අද දින පාසලට පැමිණෙන්නැයි දන්වා තිබූණත් ඔහු පාසලට නොපැමිණීම හේතුවෙන් මෙම සිසුවා පාසල් ගෙට්ටුවෙන් පිටමන් කර තිබූ බව පොලිසිය කියයි.
පසුව සිසුවා අඬමින් අසළ වෙළඳ සලක් ළඟ සිටියදී ඒ පිළිබඳව වෙළඳසැල් හිමියා එම සිසුවාගෙන් මේ පිළිබඳව විමසා පසුව පියාට දුරකතනයෙන් කළ දැනුම් දීම මත ඔහු දරුවාද සමග විදුහල්පතිවරයා අසලට ගොස් එලෙස කළේ ඇයි දැයි විමසා තිබේ. පසුව දෙදෙනා අතර කතාබහක් ඇති වී තිබෙන බවත් ඒ අනුව දෙපාර්ශ්වයම බේරුවල පොලිසියට පැමිණිලි කර තිබේ.
ලකුණු අඩුවෙන් ලබා ගත් සිසුන් පන්ති කාමරයෙන් පිටමන් කිරීමට අධ්‍යාපන දෙපාර්තමේන්තුව නියෝගයක් කර තිබේදැයි විදුහල්පතිවරයාගෙන් පොලිසිය විමසා තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් බේරුවල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය, විවිධ පැමිණිලි අංශය විමර්ශන සිදුකර යි.
.
බේරුවල පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චන්දන තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක සිල්වා , කාන්තාඋප පොලිස් පරීක්ෂක කුමාරි, පොලිස් සැරයන් ලාල්(41068) යන මහත් මහත්මිහු සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වති.
2025 දෙසැම්බර් මස 18
308
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලකුණු 40 ට අඩු වුණාට සිසුවා පාසල් ගේට්ටුවෙන් එළියට
චන්දන Thursday, 07 September 2023 06:52 PM
විදුහල්පති ප්‍රධාන වැරැදි 2ක් කර ඇත. එකක් ප්‍රාථමික පන්ති සිසුන්ට විභාග පැවැත්වීමට යාම. සම්පූර්ණ වැරැදි. අනෙක පාසලින් එළියට දැමීම. ඒක ඉතා බරපතල වැරැද්දක්... මේවා නොදන්නා විදුහල්පතිලා ඉන්න පාසල් තව කොච්චර තියෙනවාද?
NimalThursday, 07 September 2023 07:06 PM
සෑම පුද්ගලයකුගේම, වැඩිහිටියකු හෝ දරුවකුගේම මනස එක සමානව ක්‍රියා නොකරයි. ලකුණු 40ට අඩුවෙන් ගැනීම පිළිබඳව සිසුවා පාසලින් පිටකිරීම මානුෂීය ක්‍රියාවක් නොවේ...
ravin Thursday, 07 September 2023 09:37 PM
විදුහල්පති තනතුරට පමණක් නොව ගුරුවරයෙකු ලෙස පත්කිරීමට වත් නුසුදුස්සෙක්. කාගෙහරි පන්දමකට ලබාගත්තු විදුහල්පති කෙනෙක් වෙන්නැති නේද? ඉස්සෙල්ලාම විදුහල්පතිව පාසලකට යවන්න ගුරුවෘත්තිය පිළිබඳව ඉගෙනගන්න.
Lalla Friday, 08 September 2023 08:48 AM
පිනාට පිස්සු... පළාතේ මිනිස්සු කැලෑ නීතිය ක්‍රියාත්මක කළොත්...