
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකා රුපියල් කෝටි 918 ක් (ඇමෙරිකානු ඩොලර් මිලියන 28) වටිනා රෝල්ස් රොයිස් බෝට් ටේල් මෝටර් රථය ප්‍රථම වරට ඩුබායි හි මාර්ගයක ධාවනය වන අයුරු පසුගිය ද කැමරා ඇසට හසුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
සාගර නිල් වර්ණයෙන් ගනුදෙනුකරුගේ ඇණවුමට අනුව තැනූ රෝල්ස් රොයිස් බෝට් ටේල් මෝටර් රථය එම සන්නාමයට පක්ෂපාතී මැද පෙරදිග පාරිභෝගිකයකු මිලදී ගෙන ඇතත් ඔහුගේ හෝ ඇයගේ අනන්‍යතාවය හෙළි කර නොමැත.
ඇමරිකානු සංගීත යුවලක් වන ජේ.සී සහ බියොන්සේ මෙම රෝල්ස් රොයිස් බෝට් ටේල් මෝටර් රථය මිලදී ගැනීමට පැමිණි පාරිභෝගිකයන් තුන්දෙනාගෙන් එක් අයකු බව ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇත.
මෙම මාදිලිය ප්‍රකාශයට පත් කර වසර දෙකකට ආසන්න කාලයක් ගත වී ඇති අතර ප්‍රථම වරට මෙම මෝටර් රථය මිලදී ගැනීමට පාරිභෝගිකයන් තුන් දෙනකු ඉදිරිපත් වී ඇති අතර එම පාරිභෝගිකයන්ගේ අනන්‍යතාවය රහසක් ලෙස තබා ගැනීමට රෝල්ස් රොයිස් සමාගම කටයුතු කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
රෝල්ස් රොයිස් බෝට් ටේල් මෝටර් රථය බෝට්ටු සහ නාවික ක්ෂේත්‍රයට අවශ්‍ය වූ සියල්ලෙන් අභාෂය ලබා ගෙන ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලන්කාවෙ. කොයිතරම් ඉන්නවාද. කෝටිපතියෝ. ලෝකෙන්ම නයට අරන්. නයට දෙන නායකයින්ටත් නැට්ජි සැප අපේ කට්ටියට තියෙන්නෙ. අයි එම් එෆ්. දැන් ලැබිලා තියෙන්නේ මේ වාහනේ ලගදීම. පාර්ලිමේන්තුව වටෙ යයි ඒක නොවුනොත් ලෝක පුදුමයක්. අප්පචිචි හිටියානම් මේ නය මුදල ගන්නකොට. බේබීලා කපුටු. රාලලා. වැඩ පෙන්නලා තවත් පරක්කු නැහැ. ඒ පැත්තට බර වැඩි නිසා
එකක් රාජපක්ෂ බේබිල පදිනව වෙන්න බැරිද? නැතිනම් ඩුබායි මැරියට් ලංවා හිමිකරුවෝ....
අපිටනම් ඇල්ටෝ ත් නෑ. ඩොලර් මිලියන 350 කට ඇරපු පුස් චන්ද්‍රිකාවක් නම් තියනවා .
තවමත් එහි රිම් සහ ටයර් 4ක්, එකම සුළං ආවරණ සහ වහලක් සහ හෙඩ් ලයිට් දෙකක් තියනව
ලංකාවෙත් ඇති මේව ගන්න පුලුවන් අය, නොගත්තට
මහ බැංකු මහ මංකොල්ලයේ මහ මොලකරුටත් එකක් ගෙනල්ලා දෙමු .
2010 යුද්දෙ ඉවර කලාට පස්සෙ ලංකාවට වැරදුන ලොකුම තුන තමයි තම මට්ටම අමතක කර ලෝකෙ වටෙම ගිහින් නය ඉල්ලගෙන ජනතාවට සැප දීම. 2010 ට කලින් ජනතව ජිවත් උන විදිය සහ 2015 වෙද්දි ජනතාව හිටපු විදිය හිතාගන්න බැරි විදියට වෙනස් උනා. විශේෂයෙන්ම රජයේ සේවකයන්ට සහ හමුදා ඉහල නිලදාරින්ට ලැබෙන්න පටන් ගත්ත විශාල දීමන. ඒ් වගෙම නොසිතු ලෙස එක වරම ගල් වැලි පස් වලින් මහ පරිමාන දනවතුන් බිහිවෙන්න පටන් ගත්ත. බලද්දි ඒ් ඔක්කොම වෙලා ...
බලන්නකො ඒකෙ පාට ,හරියට බලකායේ පාටමයි ඊළඟට කට්ටීයේ පිරිසත් තුනයි කොහොමද ටිකිරි මොළේ
අයියෝ ටූ ලේට්. මේක අවුරුද්දකට විතර කලින් ආව නම් එකත් රාජපක්ෂ ඇරියස් එකටම දන්නා තිබුණා අනුර කුමාරගේ ගෝල බාල රෝත්තටයි, සජිත් පෙම්දස්ගේ චක් ගෝලයෝ ටිකටයි. තමන්ගේ බෑන්ක් එකවුන්ට් එන සල්ලිත් හොරකම් කරනවා කියල හිතා ගෙන හිටපු, අහස් යානා පුරෝලා ඩොලර් ගෙනියන්න පුළුවන් කියල හිතපු මැටි රැලක් නේ උන්දලා.
ඇප්පොච්ච්ගෙ කවුරුවද්ද දන්නැහැ නේද.
අනුරත් මේ වගේ එකක් ගන්න තමා උත්සාහ කරන්නේ
අපරාදෙ, මහරජා උන්නා නම් චීන බැංකුවකින් ණයක් අරන් එකක් ගේනවා.
අනුන්ගේ කාර් වලට පෙරේතකමට හූල්ලන්නේ නැතිව තමන්ගේ වැඩක් බලා ගනිල්ලා මෝඩ මිනිසුනේ...ඔය වර්ගයේ කාර් නෙමේ, සාමාන්‍ය කාර් එකක් වත් ගන්න පින නැති එවුන්.. ඒකටත් දේශපාලනය ගාවගෙන මෙතන බුරා ගන්නවා. ඇත්තටම මෙවුන්ට නම් පිස්සු.. මුන්ගේ ඔළුගෙඩි දේශපාලනයෙන් කුණුවෙලා. මුළු සමාජයම ගඳ ගස්සවනවා. දෑතේ මහන්සියෙන් රැකියාවක් නොකර අනුන්ට වහල්කම් කරමින් පව් ගෙවන මේ ලෝකෙට බරක් උන අමනයින්...ඇත්තටම, උඹලට පිස්සු!!!
මේච්චර ප්‍රශ්ණ තියෙන රටේ මේක සුභ නිවුස් ඒකක්ද?