IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


‘ලංකා සතොස සේවකයින්ට කෝටි 7 ක බොනස් ‘

(සුජිත් හේවාජුලිගේ )
ලංකා සතොස ලිමිටඩ් ආයතනයේ  සේවකයන් සඳහා 2019 වර්ෂයේදී චක්‍රලේඛවලට පටහැනිව   රුපියල් හත් කෝටි හතළිස් හය ලක්ෂයකට වැඩි ප්‍රසාද දීමනා ගෙවා ඇතැයි  ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.

ආයතනයේ සේවකයන් සඳහා ප්‍රසාද දීමනා ලෙස 2019 වර්ෂයේ ගෙවිය යුතු මුදල රුපියල් තුන්දාහක් වුවත් භාණ්ඩාගාර අනුමැතියකින් තොරව රුපියල් 25000 බැගින් ගෙවා තිබූ බවද එම වාර්තාවේ දැක්වේ.

ප්‍රසාද දීමනා ගෙවීමේදී 2003 ජුනි මස දෙවැනි දිනැති රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛ අංක 12 හි 6.5 ඡේදය අනුව වාර්ෂික මූල්‍ය ප්‍රකාශන නියමිත දින විගණකාධිපතිට ඉදිරිපත් කර තිබිය යුතු වුවද වසරකුත් මාස හයක් ප්‍රමාද වී  ප්‍රකාශන ඉදිරිපත් කර තිබියදී චක්‍රලේඛ වලට පටහැනිව මෙම ප්‍රසාද දීමනා ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මේ අතර ජ්‍යෙෂ්ඨ මට්ටමේ නිලධාරීන් සඳහා ගෙවිය යුතු වෘත්තිය දීමනාව ප්‍රමාණය ඉක්මවා වැඩිපුර ගෙවා ඇති බවත් එලෙස වැඩිපුර ගෙවා ඇති මුදල රුපියල් හය ලක්ෂ තිස් දහසක් බවත්  විගණන  නිලධාරීහු පෙන්වා දෙති.

ලංකා සතොස ආයතනයේ උසස් නිලධාරීන් හත් දෙනකු වෙනුවෙන්    භාණ්ඩාගාර අනුමැතියකින් තොරව 2018 වර්ෂයේදී  පනස් එක් ලක්ෂයක්ද 2019 වර්ෂයේදී නිලධාරීන් නව දෙනෙකු වෙනුවෙන් ලක්ෂ 45 ක්ද ගෙවා ඇතැයි විගණන වාර්තාවේ දැක්වේ.

කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව  ප්‍රධාන විධායක නිලධාරී සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන් සඳහා ගෙවිය හැකි මාසික දීමනාව පිළිවෙලින් රුපියල් අනූපන් දහසක් සහ අනූ දහසක්  වශයෙන් අනුමත කර තිබුණද අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය මත ප්‍රධාන විධායක නිලධාරී සඳහා රුපියල් දෙලක්ෂ පනස් දහසක මාසික දීමනාවක්ද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන්  සඳහා අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියකින් තොරව එක් ලක්ෂ පනස් දහසක මාසික දීමනාවක්ද  ගෙවා තිබු බව  විගණන  කාර්යාලය පවසයි.



 

 



අදහස් (0)

‘ලංකා සතොස සේවකයින්ට කෝටි 7 ක බොනස් ‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site