(රංජන් කස්තුරි)

රටපුරා පාසල්වල සේවය කරන ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන් ද මේ මස 25 වැනි දා සිට සේවයට වාර්තා කිරීමට තීන්දුවක් ගත් බව ලංකා විදුහල්පති සංගමයේ ලේකම් පියසිරි ප්‍රනාන්දු මහතා පවසයි.

ශ්‍රේණිධාරි විදුහල්පතිවරුන් නියෝ්‍ය සහ සහකාර විදුහල්පතිවරුන් 25 වැනි දින සිට සේවයට වාර්තා කරන  අතරේ වැටුප් ගැටළුවට විසඳුම් ලබාගැනීමට සහ මාණ්ඩලික සේවයේ වරප්‍රසාද දිනා ගැනීමට තවදුරටත් සටන් කරන බව ද ලංකා විදුහල්පති සංගමයේ ලේකම්වරයා කියා සිටියේය.

ගුරු විදුහල්පති සේවාව සංවෘත සේවාවක් බවට පත් කරන බව පවසමින් ආණ්ඩුව තවදුරටත් ගුරුවරුන් හා විදුහල්පතිවරුන් රවටන බව ද ජයසිරි ප්‍රනාන්දු මහතා කියයි.