
(කාංචන කුමාර ආරියදාස)
දේශීය ලොකු ලූණු ගොවියා මුල ඉඳලම මුලාවට පත් කරමින් දේශීය ලොකු ලූනු වගාව ලබන කන්නයේ සිට සම්පූර්ණයෙන් නැවැත්වීමට නිලධාරින් සැලසුම් සකස් කරනවා දැයි බරපතල සැකයක් මතුවන බව දේශීය ලොකු ලූණු ගොවි රජා ලෙස විරුදාවලිය ලත් ගලේවෙල පට්ටිවල ප්‍රදේශයේ දේශීය ලොකු ලූණු ගොවියෙක් වූ එස්.ඒ. රතනපාල මහතා පැවසීය
දේශීය ලොකු ලූණු වගාව ලංකාවේ ආරම්භ කළ දවසේ සිට මේ වනතුරු වීශාල භූමි ප්‍රමාණයක ලොකු ලුණු වගා කළ තමන් මෙවර සතොස මගින් ලොකු ලූණු මිලදී ගැනීමේ උත්සාහ පිළිබඳව අදහස් දක්වමින් අද මේ බව සඳහන් කළේය.
ලංකාවේ ලොකු ලූණු අවශ්‍යතාවය සම්පූර්ණයෙන්ම ලබා දීමට දේශීය ලොකුලූනු ගොවීන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමඟ මීට වසර කිහිපයක සිට උත්සහා දරමින් සිටි බවත් එය සාර්ථක කරගෙන එද්දී මීට වසර තුනක පමණ සිට ඉතාමත් සංවිධානාත්මකව ලොකු ලූනු ගොවියා වගාවෙන් ඉවත් කරවන කටයුතු සිදුකළ බවත් ඔහු පෙන්වා දුන්නේය
පසුව ලොකු ලූනු වගාව සියට අනූවකටත් වඩා පහළ බැසගෙන යද්දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නැවත වරක් පසුගිය කන්නවලදී දේශීය ලොකු ලූනු ගොවියාට සාර්ථක හොඳ මිලක් ලබා දෙන බව පවසමින් ගෙන් ගෙට ගොස් ලොකු ලූනු වගා කරන ලෙස ඉල්ලා සිටීමත් සමඟ තම ගොවීන් ලොකු ලූලු වගාවට නැවත ඉදිරිපත් වූ බව හෙතෙම පැවසීය.
අස්වැන්න නෙළීම ආරම්භ කිරීමට මත්තෙන් දේශීය ලොකු ලුනු ගොවියා ආරක්ෂා කර ගැනීම සඳහා විදේශ රටවලින් ගෙන්වන ලොකු ලූනුවලට බදු මුදලක් අය කරන ලෙස රජයට යෝජනා කළත් එම යෝජනා පසෙකලා විදේශීය රටවලින් ලොකු ලූනු තොග ගෙන්වා ගබඩාවල පුරවා ගැනීමෙන් පසුව බදු පනවා දේශීය ලොකු ලුනු ගොවියාට හිස ඔසවන්නට පවා නොමැති තත්ත්වයක් වර්තමාන රජය පත් කළේ යැයි හෙතෙම චෝදනා කරයි
පසුව ලංකා සතොස ඉදිරිපත්ව දේශීය ලොකු ලූනු ගොවියා නඟා සිටුවීම බව හුවා දක්වමින් දැන්වීම් ප්‍රදර්ශනය කරමින් රජය ලොකු ලූනු මිලදී ගන්නා බව ප්‍රකාශ කළද ඒ සඳහා ඉතිහාසයේ කවරදාවත් නැති කොන්දේසි මාලාවක් යොදවා ඇතැයි ඔහු සඳහන් කළේය
ඉදිරියේදී ලුනු වගා කරාවි දැයි බරපතල සැකයක් මතුවන බව ඒ මහතා සඳහන් කළේය .
දේශීය ලොකු ලූණු කිලෝවක ගැනුම් මිල රුපියල් 80 සිට 130 දක්වා පැවැති බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරය සඳහන් කළේය.
විදේශීය රටවලින් ගෙන්වා අලෙවි කරන ලොකු ලුණු කිලෝවක තොග මිල රුපියල් 120 ත් 140ත් අතරේ පැවැති බවද ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ පවසති
දේශීය ලොකු ලූණු මාතලේ අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ගොවීන් විසින් රැගෙන විත් තිබිණි,
බොහෝ ලොකු ලූනු තොග අලෙවි කර ගැනීමට නොහැකිව ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැල්වල තබාගෙන සිටින අයුරුද එහි සිටි අපට දැක ගැනීමට හැකි විය. බොහෝ ගොවීන් සඳහන් කළේ ලූනුවලට රුපියල් එකසිය තිහක මිලක් ප්‍රකාශ කළද එම මිල ගණන් යටතේ අලෙවි කිරීමට නොහැකි බවයි
දේශීය ලොකු ලුණු කිලෝවක් රුපියල් අසූවේ සිට 130 දක්වා තොග මිලක් පැවතියද දඹුල්ල ආසන්නයේම සිල්ලර වෙළඳසැල්වල ලොකු ලූනු කිලොවක් රුපියල් දෙසීයත් දෙසිය අසූවත් අතර ඉහළ මිල ගණන් යටතේ අලෙවිවන බව වෙළඳපළ සොයා බැලීමේදී අනාවරණය විය



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරවින්ද මොණරවිල මොනවා හරි කියන්නකෝ ඔය ගොවියන්ගේ බොරු කියලා. වෙන පෝස්ට් එකක් බැලුවම දකින්නේ අරවින්ද ඇතුළු මාලිමා ඩෝබි සෙට් එක කියනවා ඔය පරිභෝජනයට ගන්න ළූණු ගැන නෙවෙයි බීජ ළූණු ගැනයි කියන්නේ කියලා. දැන් මේ ගොවි මහත්වරු කියන්නේ බීජ ළූණු ගැන නෙවෙයිනේ. කඩවල විකුණන්න තියෙන ළූණු ගැනනේ. හොයලා බැලුවොත් බොහොමයක් ආණ්ඩුවල වෙළඳ ඇමතිලා (හැමෝම නෙවෙයි) ආනයනය කිරීම ගැන ගොඩක් කැමතියි.
ප්‍රමිතියක් කියන එක ගැන කිසිම දේවල් දන්නේ නැද්ද? අඩුම ගානේ ඉන්දියාවේ ගොවියා ගැනවත් හදාරන්න . හැමදාම බොරුවට හැම කෙහෙල්මලටම තවත් කෙනෙක්ට බනින්නේ නැතුව, තමන්ගේ අඩුපාඩු හදාගන්න
මදැයි, ජනතාවගෙ හද ගැස්ම හඳුනනවැයි කියන රජයක් පත් කර ගත්ත. දැන් දැන් පිට රටින් ගෙන්නනකොට තියෙන රස දැනීගෙන එනව වෙන්න ඇති.
මෙයාගේ කපිරිඤ්ඤා බයිලා මේ, මීට කලින් කිසිම රජයකින් ලොකු ළූණු වලට සහතික මිලක් ලැබිලා නැහැ, ඒ වගේම සතොස ලොකු ළූණු මිලදී ගන්න මැදිහත් වෙලත් නැහැ. රටේ ළූණු ගොවින්ගෙන් කිසිම මැසිවිල්ලක් නැහැ. ඔයා විකරක් කෙදිරි ගානවා...... ඒ නිසා ඔයාව කඩේ යවන්නේ සජිත්ද නාමල්ද කියලා කියන්න.
ගොයියනේ ගෙදර ගෑනු මනුස්සයාගේ මැහුම් පටිය ඇරන් ගිහින් ළූණු මැනලා සතොසට ගිහින් දීපල්ලා. - පාණ්ඩුවේ නිවේදනයකි.
රටේ ලූනු හිඟයක් ඇති නොවෙන්නත්, මිල වැඩි නොවන්නත් දෙකම බලලයි රජයක් කටයුතු කල යුත්තෙ. ඔය කියන විදියට උනා නම් ඒක වෙනව, එකොට මේ මාධ්‍යම සහ සමහර චැනල්, විපක්ෂ ජනාධිපති කෑ ගහන හැටි බලන්න තිබුන. ගොවියන් ලෙස ඔය ලූනු වල නිෂ්පාදන වියදම, කල් තබා ගැනීමේ හැකියාව වැඩි කර මෙම දුෂ්කරතාවයෙන් මිදිය යුතුයි , රජය කල යුත්තේ ලාභ ලබන බිස්නස් මිස සුභසාධක ගනුදෙනු නොවේ.
මහ පොළොවත් එක්ක ඔට්ටුවෙන ගොවි මහ්තුන්ටත් වෙන මහන්සියට වටිනාකමක් දෙන්න බිස්නස් පැත්ත ගැන හිතනව නං රජයක් ඕන වෙන්නෑ කෘෂිකර්ම පට්ටම මුදලාලි කෙනෙකුටම දුන්න නං ඉවරයි.