
( තිළිණි ද සිල්වා )
ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකා මුහුදේ ධීවර කටයුතුවල නිරත නොවන්නැයි ඉන්දියාවේ තමිල්නාඩු පොලීසිය එරට ධීවරයින්ට දැනුම් දී ඇතැයි චෙන්නායි හී ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග කියා සිටී.
එලෙස නීතිවිරෝධි ලෙස ධීවර කටයුතු සිදුකළහොත් ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ද තමිල්නාඩු පොලීසිය ඉන්දීය ධීවරයින්ට අනතුරු අඟවා ඇතියිද එම තානාපති ආරංචි මාර්ග කියා සිටී.
කච්චතිව් මුහුදු ප්‍රදේශයේ මසුන් ඇල්ලීම සම්බන්ධයෙන් ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ධීවරයින් අතර පවතින මතභේද හේතුවෙන් ධිවරයින්ගේ මෙම අවදානම් ක්‍රියා වළක්වන්නැයිද තමිල්නාඩු පොලිස් බලධාරීන් ප්‍රාන්ත වෙරළ තීරයේ දිස්ත්‍රික්ක වල නීතිය ක්රියාත්මක කරන ආයතනවලට ද දැනුම් දී තිබේ.
ධිවර කටයුතු වල නිරත වීමේ අවදානම් සහිත ප්‍රදේශවල වැඩි ආරක්‍ෂාව සැපයීම සඳහා ඉන්දීය නාවික හමුදාව සහ වෙරළාරක්‍ෂක හමුදාව දැනුවත් කිරීමටද තමිල්නාඩු පොලීසිය අද (18) පියවර ගත්තේය.
මේ අතර ඉන්දියාවේ ධීවරයින්ට කච්චතිව් මුහුදු තීරයේ ධීවර කටයුතු වල නිරත වීම සඳහා මධ්‍යම සහ ප්‍රාන්ත රජයන්ගෙන් අවසර ලබා දෙන ලෙස ඉල්ලමින් රාමේෂ්වරම්හි යාන්ත්රික බෝට්ටු ධීවරයින් අද (18) සිට සතියක් පුරා විරෝධතාවයක් ආරම්භ කළහ. එසේම ඉකුත්දා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවර බෝට්ටුවලට සුදුසු වන්දි මුදලක් ලබා දෙන ලෙස ද මෙම රාමේෂ්වරම් හී ධීවරයෝ උද්ඝෝණයේ නිරතව සිටිති.
පෝක් සමුද්‍ර සන්ධියේ පිහිටි කච්චතිව් දූපත එහි අයිතිය පිළිබද දීර්ඝ කාලීන මතභේදාතමක කරුණු කියැවුණද 1974 දී එවකට ඉන්දීය අග්‍රමාත්‍යවරිය වූ ඉන්දිරා ගාන්ධි සහ එවකට ශ්‍රී ලංකාවේ අග්‍රමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය අතර අත්සන් තැබූ ගිවිසුම ප්‍රකාරව එය ශ්‍රී ලංකා රජයට අයත් විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකා මුහුදේ ධීවර කටයුතුවල නිරත නොවන්නැයි ඉන්දියාවේ තමිල්නාඩු පොලීසිය එරට ධීවරයින්ට දැනුම් දී ඇතැයි චෙන්නායිහි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග කියා සිටියි. දැන් මෙහෙම කියන්නේ ඒ අයද?
වෙනත් රටවල ධීවරයින්ට විවෘතව මංකොල්ලකෑමට ඉඩ සලසන ලොව ඇති එකම රට ශ්‍රී ලංකාවයි. බංග්ලාදේශය/ඉන්දියාව/පකිස්ථානය/මාලදිවයින සමඟ ද එය බලන්න.