(විනීතා එම් ගමගේ)
ලෝක බලවතුන් පිට පිට මේ රටට එන්නේ අපේ රට ඔවුන්ගේ කෙළි බිමක් බවට පත් කරගෙන ඇති නිසා බවත් ,ඔවුන් මෙහි එන්නේ තමන්ට අයිති ඉඩමක් බලන්නට එන අයුරින් බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේය.
රටේ ස්වාධීනත්වය, ස්වෛරීත්වය අහෝසි කර ඇති නිසා එසේ සිදුවන බවත්, ඔවුන් පැමිණ රටේ ස්වාධීනත්වයට හා ස්වෛරිභාවයට ඇඟිලි ගසන බවත් හෙතෙම කියා සිටියේය.
වත්මන් රජයත් පෙර පැවති රජයත් අනුගමනය කළ විදේශ ප්‍රතිපත්ති හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවී ඇතැයි ද ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේය.
නිරෝධායන නීති පවා නොතකා චීනයේ ඉහළ පෙළේ දූත කණ්ඩායමක් පසුගිය අටවැනිදා පැමිණි අවස්ථාවේ ඔවුන් පිළිගන්නවා හැර වකල්පයක් ආණ්ඩුවට නොතිබු බව කී ලේකම්වරයා ඔවුන් ආපසු ගිය වහාම ඉන්දියාව ඊට ප්‍රතිචාර දක්වමින් දිස්ත්‍රික් හතරකට කොන්සල්වරයෙක් පත් කළ බව ද යාපනය මහනුවර දිස්ත්‍රික් දෙකට දෙදෙනෙක් සිටිය දී තවත් අයෙක් පත් කරන ලද්දේ කුමකට දැයි විමසා සිටියේය.
දේශපාලන උපායමාර්ග පිළිබඳව කිසි අවබෝධයක් නැතිව හෝ ඇතිව එන එන දූතයින් පිළිගන්නට ආණ්ඩුවට සිද්ධ වී ඇතැයි ද හෙතෙම පැවැසීය.
එක්සත් ජාතින්ගේ සංවිධානයේ සමාන තත්ත්වයන් ශ්‍රී ලංකාවටත් ඇති බැවින් ඕනෑම රටක් සමග ස්වාධින ස්වෛරි රාජ්‍යයක් ලෙස ගණු දෙනු කළ හැකි බව රජය වටහා ගත යුතු යැයි ද මෙසේ බලවතුන්ට යටවන්නට සිදුව ඇත්තේ රටේ ණය කන්දරාව හේතුවෙන් යැයි ද කී ටිල්වින් සිල්වා මහතා ණයට කන ආර්ථිකය විසින් ශ්‍රී ලංකාව හැම රටකම අතවැසියෙක් බවට පත් කර ඇතැයි ද සඳහන් කළේය.
ණය ලබාගෙන වැඩි ප්‍රමාණයක් කර ඇත්තේ වංචාව දූෂණය හා නාස්තිය යැයි ද ණය යොදා සිදුකළ ව්‍යාපෘතිවලින් කිසිවක් ලාභ නොලබන්නේ යැයි ද පැවසූ ජවිපෙ ලේකම්වරයා හම්බන්තොට වරාය චීනයනට දෙන්නට සිදුවූයේ මේ නිසා යැයි ද පැවසීය. කෙසේ වෙතත් දේශිය ආර්ථිකයක් ගොඩ නගන බව කියමින් බලයට ආ ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ කී කතා බොරු දේශප්‍රේමී කතන්දර පමණකැයි ද ණය උගුල නිසා රට පරාධීන වී ඇතැයි ද කියා සිටියේය.
රටේ වටිනා සම්පත් ඉඩම් විකිණීම ඇර වෙන විසඳුමක් ආණ්ඩුවට නැතැයි පැවසූ ඔහු මේ නිසාම ලෝක බලවතුන් අපේ රටේ දේපොළ සහ දේශපාලනය කරන තත්ත්වයක් ඇති ව ඇතැයි ද ලෝක බලවතුන් සමඟ ගණුදෙනු කිරීමේ දී ප්‍රතිපත්තියක් තබා ගන්නැයි තම පක්ෂ්‍ය රජයට බල කර කියා සිටින්නේ යැයි ද ලේකම්වරයා පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඉතින් ටිල්වින් මල්ලියේ නිකං බයිලා කියව කියවා ඉන්නේ නැතිව මොකක් හරි කරන්නකෝ හැම රෙද්දටම දියව්, කරව් කියමින් බොරුවට රඟනවා විතරයිනේ... ඔහෙලගේ අර අන්තරේ ඉන්න "කාලකන්නි" රතු පැටව් ටිකත් අල්ලගෙනම වැඩේ පටන්ගමු නේද..?
ඔහෙලාම නේද? යහපාලකයින් සමග එකතු වී හම්බන්තොට වරාය චීනාට වික්කේ... එතකොට 20ට කෑගහනවා වගේ කෑගැසුවාද? මීක් කිව්වේ නැහැ නේද? කුහක ජෙප්පෝ...
ටිල්වින් ලොක්කා, දැන් ඉතිං නෙවර් වින් කියලවත් නම වෙනස් කරගමු, මොකද්ද ඕකේ තේරුම...
රෝහන විජේවීර සහෝදරයාගෙන් පස්සේ අපි දැක්කේ නැහැ. ජවිපෙ විදේශ ප්‍රතිපත්තිය හරියටම මේකයි කියලා කියලා තියෙනවා. එදා වේල යැපෙන ජවිපෙයක් තමා අපි දැක්කේ. නිකන් දොඩවන්නේ නැතිව ඉස්සෙල්ලාම ජවිපෙ විදේශ ප්‍රතිපත්තිය සෘජුවම කියනවද? හරි ප්‍රතිපත්තියක් තියෙනවා නම් 88/89 කාලෙ ජවිපෙ සමූල ඝාතනය කළ අයවලුත් එක්ක අරලියගහ මන්දිරේ කුමන්ත්‍රණය කරනවද? ඒ අතින් පෙරටුගාමීන් ඉතා නිවැරදියි..!
හය තුනට බැස්සා.. තුන දෙකට බැස්සා. මෙයාලාගේ කට විතරයි.
2015 සිට 2019 කාලයේ ලෝක බලවතුන්ට ඕනේ විදිහට ගිවිසුම් ගහලා රට පාවාදෙන්න ගිවිසුම් ගහපු වෙලාවේ මෙයා කොහේද හිටියේ? 2009 යුද්ධය දිනාගෙන එනකොට ආණ්ඩුව අපහසුවට පත්කරලා ලෝක බලවතුන්ගේ රූකඩයක් වුණු කොටින්ට යුද්ධයෙන් වාසි වෙන්න කටයුතු කළේ අපිද? ඒවා ජනතාවට මතක තියෙන නිසා තමයි එදා ආසන 39ක් තිබුණු ජවිපය අද එක ආසනයකට බස්සලා තියෙන්නේ.
ඔයගොල්ලෝ කියන කතා ඔක්කොම ඇත්ත. කවදාහරි මේකට වෙන්නෙත් ඇන්ගෝලාවට වෙච්ච දේමයි. නමුත් ලෝක දේශපාලනයේ තීරණ ගන්න කොට අපි වගේ රටක් මීට කලින් මේ ගැන හිතන්න තිබුණා. ඔයාලත් නිකම් පොර ටෝක් දෙනවා විතරමයිනේ.. මේ රට මේ අගාධයෙන් ගොඩගන්න විදියක් ගැන හිතන්නේ නැහැ.
අපි ඉස්සර 3%.. දැන් 225ට 2යි. මොනවා කියන්නද?
ටිල්වින් ළමයත් හරි ළමයා තමයි. බලාගෙන ගියාම... ජෙප්පන්ගේම සාමාජික මුදල්වලින් කොහොමද අම්මපා "මෙතෙක් කල් බඩ වියත රැකගත්තේ"...?
වැඩක් නැහැ සහෝදරයා... අවස්ථාවාදී දේශපාලනය නිසා දැනටම චීන කොළණියක් වෙලා ඉවරයි. මහ ජාතියක් කියලා පිටරටක... ආගමක් අපේ කරගෙන දඟලන ඉතිහාසයේ සිටම පාවාදෙන්නන්ගෙන් පැවත එන මහ අය තවමත් විදේශ කොළණි රාජ්‍යයේ අපි එන්නේ කියලා කියන්නේ නැහැ. ලන්දේසි, පෘතුගීසි, ඉංග්‍රීසි, ඇමෙරිකන්, චීන, ඉන්දියන්.
මොන බයිලාද අප්පා? ලෝක බලවත්තු එද්දී එන්න එපා කියන්නද කියන්නේ? මෙයාගේ තියෙන්නේම ගොං ටෝක්... අර නෙළුම් කුළුණ හදන්නේ පැනලා මැරෙන්නද කියල ඇහුවා වගේ... මෙයා බබා, මෙහෙම එන්න, දවස් 14 ඉඳලා එන්න කියන්න බෑ. හැමදාම ලොකු ටෝක් විතරයි.
ඕ ගොල්ලෝ අරලියගහ මන්දීරේ කරක් ගහන කාලේ ලෝක බවලතුන් ලංකාවට ආවම කීවේ අපි ජාත්‍යන්තරය ජයගත්තා කියලා නේද? අනේ මෙහෙමත් කුහකයින් රැලක්...