







(ශාන්ත රත්නායක)
ලෝක පුනර්ජනනීය බලශක්ති සම්මේලනය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) කොළඹ, හිල්ටන් හෝටලයේ දී ආරම්භ විය.
"සංවර්ධනය වෙමින් පවතින නගර සඳහා පුනර්ජනනීය බලශක්තිය තුළින් විදුලිබලය, බලශක්තිය, ජල සම්පාදනය සහ සුවපහසු ජීවන රටාවක්" යන තේමාව යටතේ පුරා දින පහක් මෙම ලෝක පුනර්ජනනීය බලශක්ති සම්මේලනය පැවැත්වීමට නියමිතය.
මෙම සම්මේලනයේ සමාරම්භක උත්සවයට මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, එම අමාත්‍යාංශ ලේකම් ඉංජිනේරු නිහාල් රූපසිංහ, ලෝක පුනර්ජනනීය බලශක්ති සම්මේලනයේ සභාපති මහාචාර්ය අලි සයිග්, ලෝක පුනර්ජනනීය බලශක්ති සම්මේලනයේ ශ්‍රී ලංකා සාමාජික විද්‍යා අමරපාල යන මහත්වරු ඇතුළු එම සම්මේලනයේ දෙස් විදෙස් නියෝජිතවරු රැසක් සහභාගී වී සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඔක්කොම කථා සාප්පු විතරයි. ක්‍රියාව නැහැ. සූර්යබල සංග්‍රාමය තනිකර කථාවට විතරයි. කිසිම දෙයක් ප්‍රායෝගික නැහැ. CEB එක... ඒක නොවෙන තැනටමයි වැඩ.
සම්මේලන, කමිටුවලට නම් පප්පා. දැන් ඇවිත් අවුරුදු හතර හමාරක් වුණා.. සම්මේලන කමිටු කීයක් නම් තියන්න ඇතිද? තව මොන තරම් කාලයක් උන්නත් මෙච්චරම තමයි. දැන් පැන්ෂනුත් ගෙවන එකේ මෙයාට ගෙදර ගිහින් විවේක සුවයෙන් ඉන්න පුලුවනිනේ...
මේ ඉතාමත් හොඳ වැඩ, නමුත් විදුලි කට්ටිය මේකට අකුල් හෙලනවා වුනත් යම් හරි ප්‍රමාණයකට මේවා ක්‍රියාත්මක කරන්න මොලයක් ඇත්තේ පාඨලිට පමණි.. මෙකෙත් නිර්මාණය වූ දේවල් අඩු වැඩි සහිත වුව නිර්මාණය වූයේ අර්බුධ සහිතව.. ඒවා නොදන්න අය තමයි බයින්නේ, රටකට යහපතක් කරන්න දෙන්නේ නැත් එවැනි අය තමයි, ඕක කරන්න බෑ.. වෙන්නේ කිය කියා අඩුපාඩු කියන්නේ, මහනගර අමාත්‍යංශය මගින් කළ වැඩ ටික ඉතා විශිෂ්ටයි
තවත් අවුරුදු පහකට කැත නැතිව බලය ඉල්ලනවානේ. කිසිම විදුලි උත්පාදන බලාගාරය හැදුවේ නැහැ. තිබුන සුලං බලාගාරයේ ඉඩම චීන සමාගමට දුන්නා. සුර්ය බලය සියලුම රාජ්‍ය ආයතන වලට දෙන්න තිබුනනේ.
ලෝකෙට අගමැති.......
ලෝකෙට අගමැති..... රටට වැඩක් නැති..... පුහු වැඩට හිතැති... තව වැඩි කාලයක් නැති.....
ටයි එකක් දාගෙන කතාවක් පවත්වන්න එන්න කිව්වොත් අපායට උනත් යයි.