IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ලංකා ආර්ථිකය සම්පූර්ණයෙන්ම ප‍්‍රතිව්‍යුහගත කරනවා

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා ආර්ථිකය සම්පූර්ණයෙන්ම ප‍්‍රතිව්‍යුහගත කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

 ඒ සඳහා දැනටමත් පියවර ගනිමින් සිටින බව කී ජනාධිපතිවරයා   තරඟකාරිත්වයට මුහුණ දෙමින් නව වෙළෙඳපොළ , විදේශ ආයෝජන සහ ප්‍රාග්ධනය ආකර්ෂණය කර ගැනීම සඳහා තායිලන්තය, ඉන්දුනීසියාව සහ වියට්නාමය වැනි රටවල ගමන් මඟ අනුගමනය කරන බවද කීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ  අරලියගහ මන්දිරයේ පැවති “ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධන දිශානතිය” පිළිබඳ විද්වත් සමුළුව අමතමිනි. තිරසර සංවර්ධන සභාව විසින් මෙය සංවිධානය කර තිබිණි. 

ශ්‍රී ලංකාව තවදුරටත් අන් රටවලට  බරක් නොවිය යුතු අතර කලාපයේ සෙසු රටවල් සිදු කළ අන්දමින් පවතින සම්පත් භාවිතා කරමින් රටක් ලෙස  තනිව නැඟී සිටීමට උත්සාහ කළ  යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.



අදහස් (8)

ලංකා ආර්ථිකය සම්පූර්ණයෙන්ම ප‍්‍රතිව්‍යුහගත කරනවා

Hafeel Wednesday, 30 August 2023 01:14 PM

මේ ආණ්ඩුව ජනතාවට බරක් මිස, මෙයා කියන විදියට ලංකාව අන් රටවලට බරක් නොවේ. මෙයා බලයට ආපු දා ඉඳන් සතියට දෙවතාවක් හෝ කොහේ හරි සමුළුවට ගිහින් එහම කරනවා මෙහම කරනවා කියල ලොකුවට පම්බෝරි ගහනවා මිස කරපු දෙයක් නැහැ.

:       0       1

Perakum Wednesday, 30 August 2023 01:28 PM

සිද්ධාන්ත හොදයි ප්‍රායෝගිකව කරල පෙන්නන්න. ඊට ඉස්සෙල්ල කොහොමහරි සුලුජාතික චන්ද දිනාගෙන නැවතත් ජනාදිපති වෙන්න බලමුකෝ…! එහෙම හොදයි නේද ජනාදිපතිතුමෝ…?

:       0       1

Rohana Wednesday, 30 August 2023 04:03 PM

කතාව දෝලාවෙන් ගමන පයින් කිව්වලු.

:       0       1

fairoos Wednesday, 30 August 2023 04:07 PM

තියන සම්පත් චීනයට ඉන්දියාවට දුන්නා නම් ඉවරයි

:       0       1

අරවින්ද මොනරවිල Wednesday, 30 August 2023 04:29 PM

පිස්සා මූ පිස්සා මූ පිස්සු පූසා මූ !

:       0       1

An ordinary citizen Wednesday, 30 August 2023 07:49 PM

ප්‍රතිව්‍යුහගත කිරීම යනු පුද්ගලිකකරණයයි. සාමාන්‍ය මිනිසුන්ට කිසිවක් නොලැබෙන අතර එය වඩාත් නරක අතට හැරෙන අතර ඇමතිවරුන්ට කොමිස් ලබා ගැනීමේ මාර්ගයකි.

:       0       0

රනේ Thursday, 31 August 2023 06:27 AM

මෙයා රට හදන්නම ආපු කෙනෙක් වගේ...

:       0       0

පිනා Thursday, 31 August 2023 11:39 AM

අනේ මෙයා, මහ බැංකුවේ සල්ලි ටික ආපහු දුන්නා නම්, වෙන කිසි දෙයක් ඕනෑ නෑ. ලඟදිම මිනිස්සු ඔයාව ප්‍රථිව්‍යුහගත කරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 356 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site