(හර්ෂණ තුෂාර සිල්වා)
ලංකා අධ්‍යාපන හා පර්යේෂණ ජාලයේ (ලර්න්) හි 30 වැනි සැමරුම වෙනුවෙන් විශේෂ උත්සවයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී අද (7) පස්වරුවේ පැවැත්විණි.
මෙම අවස්ථාවේදී ලංකා අධ්‍යාපන හා පර්යේෂණ ජාලයේ (ලර්න්) හි 30 වැනි සැමරුම වෙනුවෙන් සකස් කරන ලද විශේෂ සංවත්සර ග්‍රන්ථයේ පළමු පිටත ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පිළිගැන්වීය. එම අවස්ථාවට ලංකා අධ්‍යාපන හා පර්යේෂණ ජාලයේ (ලර්න්) හි වත්මන් සභාපති මහාචාර්ය පී.එස්.එම්. ගුණරත්න මහතා එක්විය.
ලංකා අධ්‍යාපන හා පර්යේෂණ ජාලයේ (ලර්න්) නිර්මාතෘ මහාචාර්ය අභය ඉඳුවර මහතාට මෙහිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් විශේෂ ඇගයීම් සම්මානයක් ද පිරිනැමිණි. ඊට අමතරව ‘ලර්න්’හි සමාරම්භක සාමාජිකයන් වන ආචාර්ය අජන්ත අතුකෝරාළ සහ මහාචාර්ය ගිහාන් ඩයස් යන මහත්වරුන්ද ඇගයීමට ලක් කෙරුණි.
නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම්, ශ්‍රී ටෙලිකොම් සභාපති කුමාරසිංහ සිරිසේන, විශ්ව විද්‍යාල උපකුලපතිවරුන්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(ඡායාරූප - චතුර එස්. කොඩිකාර)
2025 ඔක්තෝබර් මස 08
1831
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1480
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
526
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ලංකා අධ්‍යාපන හා පර්යේෂණ ජාලයේ 30 වැනි සැමරුම
Siri Tuesday, 08 October 2019 06:58 AM
මෙය තවම ක්‍රියාත්මක වෙන බව දැනගන්නට ලැබීම සතුටක්. 80 දශකයේ අග භාගයේ විදේශගතව අධ්‍යාපනය ලබමින් සිටි අප වැන්නන්ට මෙයින් ලැබුනේ ඉමහත් සේවයක්. අන්තර්ජාල පහසුකම් සුලබ වෙනකොට එහි අවශ්‍යතාවය නොදැනුවත්වම ගිලිහී ගියා.