(අංජුල මහික වීරරත්න)

හෘද සහ රුධිර නාල පද්ධති සම්බන්ධ රෝග ප්‍රතිකාර ක්ෂේත්‍රයේ සුවිශේෂි ඉදිරි පියවරක් සනිටුහන් කරමින් ඉදිරි සතිය තුළ මෙරට රජයේ රෝහල් පද්ධතියට නවීනතම කැත් රසායනාගාර ඒකක (Cath Lab) 04 ක් එක් කිරීමට නියමිත බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.

හෘද රෝග විනිශ්චය සහ ප්‍රතිකාර සඳහා වන ප්‍රවේශය තවත් පුළුල් කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් මත එම අමාත්‍යාංශය විසින් මෙම නව රසායනාගාර ස්ථාපිත කිරිමට කටයුතු සූදානම් කර ඇත.

මෙම එක් කැත් රසායනාගාර ඒකකයක (Cath Lab) වටිනාකම රුපියල් මිලියන 300ක් වන අතර ඒ අනුව මෙම යන්ත්‍ර 4 සඳහා වැය කළ මුළු මුදල රුපියල් මිලියන 1200කි.

ඒ අනුව ජුනි මස 27 වන දින: යාපනය ශික්ෂණ රෝහලේ ද, ජුනි මස 30 වන දින: කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ද, කැත් රසායනාගාරය බැගින් ප්‍රතිකාර සේවා සඳහා එක් කිරීමට නියමිත අතර, ජුලි මස 02 වන දින: කොළඹ ජාතික රෝලේ කැත් රසායනාගාර 02ක් ද, හෘද රෝගී ප්‍රතිකාර සඳහා එක් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇත.