
ඇමෙරිකා සහ ඉරාන නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන්, ස්විට්සර්ලන්තයේ පැවැති සාමකතා අතරතුරේ, ඊට සහභාගී වුණු පාකිස්තාන හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් අසීම් මුනීර් ඝාතනය කිරීමට ඊශ්‍රායලයේ ‘මොසාඩ්’ බුද්ධි අංශ ඒජන්තවරුන් උත්සාහ ගත් බවත්, පාකිස්තාන බුද්ධි අංශ ඒජන්තවරුන් මැදිහත් වී එම උත්සාහය ව්‍යර්ථ කළ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
විදෙස් මාධ්‍ය මෙය වාර්තා කළේ බ්‍රසීල ජාතික භූ-දේශපාලනික විශ්ලේෂකයකු සහ මාධ්‍යවේදියකු වන පේපේ එස්කොබාර් කළ අනාවරණයක් අනුවය. එස්කොබාර්ගේ අනාවරණය මේ වනවිට ලෝකයේ අවධානය දිනා ගැනීමට සමත් වී අවසන්ය.
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ සෘජු නියෝගය පරිදි පාකිස්තාන හමුදාපතිවරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කෙරුණු බවත්, පාකිස්තාන බුද්ධි අංශ ඒ ගැන කල් තියා දැනගත් බවත් එස්කොබාර් පැහැදිලි කර ඇත.
‘පාකිස්තාන බුද්ධි අංශ වෙත මේ පිළිබඳව ඉතා නිවැරදි තොරතුරු ලැබී තිබුණා. එම තොරතුරු ලැබීම සිදුවූයේ ඕමානය හරහායි. ඉන්පසු පාකිස්තාන බලධාරීන් පෙරළා ඊශ්‍රායලයට දැඩි ලෙස අනතුරු ඇඟවීමක් ද කළා. ඔබ අපේ හමුදාපතිට හෝ අපේ සාම නියෝජිතයන්ට හෝ අනතුරක් කළොත්, කිසිදු සමාවක් දෙන්නේ නැහැ. පාකිස්තානය ඊශ්‍රායලයට කළ අනතුරු ඇඟවීම එයයි’ යැයි
එස්කොබාර් වැඩිදුරටත් සඳහන් කර ඇත.
ඉකුත් සති අන්තයේ, ඇමෙරිකාව සහ ඉරානය අතර සාම සාකච්ඡා පැවැත්වූයේ ස්විට්සර්ලන්තයේ මුන්ගන්ස්ටොක් නුවර නිවාඩු නිකේතනයකදීය. ඇමෙරිකාව සහ ඉරානය අතරේ සාම සාකච්ඡා සඳහා මැදහත් වී කටයුතු කරන්නේ පාකිස්තානයයි. මෙය ඊශ්‍රායලයේ දැඩි විරෝධයට හේතුවක් වී ඇත.
සාම මැදහත්කරුවන් ලෙස සාම සාකච්ඡා සඳහා පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් සහ හමුදාපති අසීම් මුනීර් ස්විට්සර්ලන්තයේ මුන්ගන්ස්ටොක් නුවරට ගියහ.
කෙසේ නමුත් මෙම අතිශය සංවේදී ආන්දෝලනාත්මක අනාවරණය සම්බන්ධයෙන්, ඊශ්‍රායල හෝ පාකිස්තාන රජයේ නිලධාරීන් මෙතෙක් නිල ප්‍රකාශයක් සිදුකර නැත. ස්විට්සර්ලන්තය හෝ ඇමෙරිකාව ද මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු කර නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd