(එස්. ඩී. කොඩිකාර)

රුහුණු විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ 46 වන කණඩායමේ ඉගෙනුම ලබමින් සිටි සිසුවියක ගාල්ල කරාපිටිය ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී  මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ දෙනියාය කළුගල හේන පදිංචි (23) හැවිරිදි සදලි තාරකා නැමති සිසුවියකි.

ඇගේ මවද ගෙනියාය මූලික රෝහලේ හෙදියක් වන අතර ඇයට ඩෙංගු රෝගය වැළඳීම හේතුවෙන් ඉකුත් (18) වන දින දෙනියාය මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය ශීක්ෂණ රෝහල වෙත (22) වන දින ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටින මෙසේ අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබුණි.