(අංජුල මහික වීරරත්න)
ලෙප්ටොස්පයිරෝසිස් සහ රුධිරගත පිළිකා රෝගී ප්‍රතිකාර සේවා සඳහා ප්‍රධාන වශයෙන් යොදා ගනු ලබන අතිනවීන රුධිර ප්ලස්මා හුවමාරු කිරීම සඳහා භාවිතා කරනු ලබන යන්ත්‍ර දෙකක් ප්‍රිමියම් ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම මඟින් සෞඛ්‍ය සේවා පද්ධතියට එක් කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට පරිත්‍යාග කළේය.
ප්‍රිමියම් ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ මහේෂ් ප්‍රනාන්දු, සාමාන්‍යාධිකාරී අචල මෝසස් මහත්වරුන් විසින් අමාත්‍යවරයා වෙත මෙම යන්ත්‍ර බාර දීම සිදු කළ අතර, එම යන්ත්‍ර දෙකෙහි වටිනාකම රුපියල් මිලියන 50කට අධික වේ.
ජර්මනියේ නිෂ්පාදිත අතිනවීන වෛද්‍ය උපකරණයක් වන අතර මෙමගින් ප්ලාස්මා දේහ විච්ඡේදනය ප්‍රතිකාර ක්‍රමය හරහා මෙරට බහුලව වාර්තා වන රෝග තත්ත්වයන් රැසකට සාර්ථකව ප්‍රතිකාර කළ හැකි ය.
මී උණ, සර්ප දෂ්ටනයට ලක් වූ රෝගීන්ට ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආශ්‍රිත රෝග පාලනය කිරීම, අවයව බද්ධ කිරීමට පෙර සහ පසු රෝගීන්ට අවශ්‍ය විශේෂිත සත්කාර සැපයීමත් මෙම යන්ත්‍රය මගින් සිදු කෙරේ. එමෙන්ම රුධිර පිළිකා සහ තැලසීමියා රෝගයෙන් පෙළෙන රෝගීන්ට සෛල බද්ධ කිරීමේ සැත්කම් අපේක්ෂාවෙන් පසුවන රෝගී දරුවන්ට සහ වැඩිහිටියන්ට ප්‍රතිකාර ලබා දීමට මෙම උපකරණ සෘජුවම දායක වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd