
(ගයාන් සූරියආරච්චි)
ශාන්ති කර්මයක් සිදු කිරීමට ඇති බව පවසා ආගරපතන රෝහලේ සාත්තු සේවිකාවක කැලෑවකට රැගෙන ගොස් ගෙල සිරකර ඝාතනය කර වළදැමූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව නුවරඑළිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 47ක මඩොල් කැලේ ප්‍රදේශයේ පදිංචි අයකු බව පොලිසිය පවසයි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු වන ආගර පතන රෝහලේ සාත්තු සේවකයෙකු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශන සිදු කරයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ හේවා හැට ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි ආගර පතන රෝහලේ සාත්තු සේවිකාවක බව පොලිසිය පවසයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.