
(ගම්පහ තිලකරත්න දිසානායක)
ගම්පහ මහ රෝහල අද පෙරවරුවේ දැඩි කාර්ය බහුල ස්වභායක් ගත්තේය. ගිලන් රථවලින් තුවාල කරුවන් ලහි ලහියේ රගෙන එන අයුරු දක්නට ලැබිණි.
බෙහෙත් ගැනීමට ආ පිරිස මෙන්ම වෙනත් රාජකාරී සඳහා පැමිණ සිටි පිරිස ද තමන්ගේ කටයුතු පසෙක ලා මහා අනතුරක් යැයි කත බහ කරන්න වූහ.
කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල, වැරැල්ලවත්ත ප්‍රදේශයේදී මගී බස් රථ දෙකක් ගැටීමෙන් සිදු වූවක් බවට ද කටකතාවක් පැතිර ගියේ ඒ අතරය. මාධ්‍යවාර්තා කරුවෝ ද වහවහා එම ස්ථානට ළඟ වන්නට වූහ.
වාහන දෙකක් ගැටිලා රෝගීන් කඩිනමින් රෝහලට රැගෙන යන අයුරුත් ක්ෂණිකව ප්‍රතිකාර ලබාදීමට වෛද්‍ය කාර්ය මණ්ඩලය යුහුසුළුව කටයුතු කරන අයුරු දෑස් නොහෙලා වට වී බලා සිටියහ.
අවසානයේ කාටත් සිද්ධිය වැටහිනි. හදිසි අනතුරකදී පොලිසිය සහන සේවකයන් හා රෝහල් කාර්ය මණ්ඩලය කටයුතු කළ යුතු ආකාරය පෙරහුරුවක් මගින් දැනුම් දැනුවත් කරන බව රෝහල් කාර්ය මණ්ඩලය දැනුම් දීමෙන් පසු ඇතැමුන්ට කේන්තිත් ගියාලු.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අනිච්චන්.., මෙහෙමත් නාටක කිව්වලු...
අපේ රටේ කෙරුවාවල් ගැනයි ,මිනිසුන්ගේ මොලේ තරම ගැනයි අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ. අඩුම තරමින් මෙහෙම රන්ගපෑමක් සිදු වෙන බවවත් දැනුම් දෙන්ඩ තිබුනා?
ඇත්තෙන්ම ඉතාම හොඳ ක්‍රියාවක්. වසර කීපයකට කළින් රත්නපුරයේ මෙම පෙරහුරුව සිදුකළා. මමත් එයාට මාධ්‍ය වේදියෙක් ලෙස කොළඹ සිට සහභාගි වෙලා සහාය වුණා. මෙයා ඇත්තෙන්ම වරින්වර පළාතෙන් පළාත සිදුකළ යුතු මෙහෙයුමක්...