(ඩයනා උදයංගනී)
රුහුණ විශ්වවිද්‍යාලයීය තාක්ෂණ පීඨය වසා දැමීම, එහි උපශාලාධිපතිවරයෙකු මන්නා පිහි රැගෙන බීමතින් පැමිණ සිසුන්ට පහරදීමට උත්සාහ කිරීම සහ සරසවිය තුළ ක්‍රියාත්මක මර්දනය සම්බන්ධයෙන් විරෝධය පා තාක්ෂණ පීඨ සිසුන් අත්සන් කළ විරෝධතා පෙත්සමක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත භාරදීම අද (3) සිදුකෙරිණි.
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ නියෝජිතයන් කිහිපදෙනකු විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත පැමිණ එහි උප සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්දන උඩවත්ත මහතා මුණගැසී මෙම පෙත්සම භාර දී ඇත.
රැහුණ විශ්වවිද්‍යාලයේ ඇතිවූ ගැටුමට හේතු වූ තාක්‍ෂණ පීඨ ශිෂ්‍ය නේවාසිකාගාරයේ උප ශාලාධිපතිවරයා බීමතින් පැමිණ සිසුන්ට තර්ජනය කරන වීඩියෝ දර්ශන ද අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ඊයේ (2) පැවැත්වූ මාධ්‍ය හමුවකදී මාධ්‍ය වෙත ලබාදී තිබිණි.
උප ශාලාධිපතිවරයාගේ හැසිරීම ගැන නොසොයා ශිෂ්‍යයන්ගේ පන්ති තහනම් කරන්නට එහි විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා සැරසෙන බවත්, මේ වන විට රටපුරා විශ්වවිද්‍යාල රැසක ශිෂ්‍ය මර්දනයන් ක්‍රියාත්මක බවත්, මෙම පෙත්සම භාරදීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල නියෝජිත මධුෂාන් චන්ද්‍රජිත් මහතා පැවසීය.
ශිෂ්‍ය මර්දනය නවතා දමා පීඨය නැවත ආරම්භ කිරීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මැදිහත්වනු ඇතැයි බලාපොරොත්තු වන බව ද හෙතෙම සඳහන් කළේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
රුහුණු තාක්ෂණ සිසුන්ගෙන් කොමිසමට පෙත්සමක්