
(ඉන්දික අරුණ කුමාර)
මාතලේ - ලග්ගල ප්රාදේශීය සභාවේ මාසික රැස්විම පැවැත්වු අද (15) පෙරවරුවේ සභා ගොඩනැගිල්ලේ සිවිලිම කඩාවැටුණු බව සභාපති බුද්ධික සේනාරත්න මහතා පවසයි.
අද (15) පෙරවරු 9.00 ට පමණ ආරම්භ වූ මාසික සභා රැස්විම අතරතුර එකවරම සභා ගොඩනැගිල්ලේ සිවිලිම කඩා වැටුණු බව සභාපතිවරයා කියා සිටියේය.
සිද්ධිය සිදුවන අවස්ථාවේ දී සභා ශාලාවේ මන්ත්රීවරු 15 දෙනෙකු සිටි බවත් සිද්ධියෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති බවත් හෙතෙම කීය.
සිද්ධියෙන් පසු මාසික සභා රැස්වීම අවසන් කිරිමට සිදුවු බව ද අප කළ විමසීම දී සභාපති බුද්ධික සේනාරත්න මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොර කොන්ත්රාත්කාරයින් දාලා කරපු හින්දා දැන් කවුද වගකියන්නේ..?
තමන්ගේ ඉදිකිරීමක් වත් හරිහැටි කරගැනීමට බැරි ප්රාදේශීය සභාකාරයන් රටේ බිල්ඩින් ඉදිකරන්න උපදෙස් දෙන්න නම්, හරි රුසියෝ... පේන හැටියට නම්, මේක එල්ලන සිවිලිමක්... කෝ ශක්තිමත් කණු නැහැනේ.. ඒත් සීට් කිහිපයක් නම් බිඳිලා ඇති බව පේනවා. ඒ කියන්නේ ශක්තියෙන් අඩු එල්ලන සිවිලිමට දමා ඇත්තේ බර ෂීට් වගෙයි පේන්නේ... එතකොට ඒක කඩා වැටුණේ නැතිනම් තමයි පුදුමේ... මේ සරල සිද්ධාන්තය හෝ වටහා ගන්න බැරි මහා බුද්ධිමතුන් පිරිසක් තමයි මේවායේ ඉන්නේ. අනේ අම්මපා කියලා වැඩක් නැහැ.
අද දින අදාළ රැස්වීම පැවැත්වීමට තීරණය කළ සියල්ලෝම මෙයට ඍජුවම වගකිවයුතු බැවින් අදාළ සිවිලිම නිසිලෙස යථා තත්වයට පත්කිරීම වගබලා ගත යුතුයි. මින් ඉදිරියට කිසිදිනක රැස්වීම පැවැත්වීම සිදුනොකළ යුතුයි. තවද මෙම සිවිලිම සාදා නිමකළ කොන්ත්රාත්කරුට එම ප්රදේශයේ පමණක් නොව මුළු මහත් ශ්රී ලංකාවේම ඉදිකිරීම් කටයුතු බාරදීමද කළ යුතුයි..
මේ අය කරන හොර වැඩ නිසා සිදුවූවක් විය හැකියි.
මහා බොරු කියමින්, හොරකම් කරමින් ඉන්න කොට ඔහොම වෙනවා.
මොනවාහරි පචයක් ගැන කතා කරන්න ඇති...
ඕක පාර්ලිමේන්තුවේනේ වෙන්න තිබුණේ.