(තුසිත කුමාර ද සිල්වා)
රුසියාවේ සිට මෙරට අලුත්ගම මොරගල්ල තරු පන්තියේ ප්‍රසිද්ධ සංචාරක හෝටලයක විවේක ගත කරන්න පැමිණ සිටි තරුණ සංචාරකයකු අද එම සංචාරක හෝටලය ආසන්නයේ මුහුදේ දිය නාන්න ගොස් අවාසනාවන්ත ලෙස මියගොස් තිබේන බව අලූත්ගම පොලිසිය කියයි
මෙසේ මියගොස් ඇති විදෙස් සංචාරකයා රුසියන් ජාතික සර්ජි ඉතිමොව්(38) නම් අයෙකු බව පොලිසිය කියයි.
මියගිය විදෙස් ජාතිකයා සිය පෙම්වතිය සමඟ මෙරටට පැමිණ ඇති අතර මාර්තු මස 2 වන දින ශ්‍රී ලංකාවට පැමිණ අලුත්ගම ප්‍රෙද්ශයේ සංචාරක හෝටලයේ විවේකය ගත කරමින් සිටියදී අද මුහුදේ දිය නෑමට යාමේදී රළ පහරකට හසුව මියගොස් තිබෙන බව පොලීසිය කියයි.
එම විදෙස් ජාතිකයා ගේ මෘත ශරීරය බේරුවල රෝහලේ තැන්පත් කර තිබේන අතර බේරුවලහදිසි මරණ පරීක්ෂක රෙජිනෝල්ඩ් හෙට්ටිආරච්චි මහතා මූලික මරණ පරීක්ෂණ කටයුතු සිදු කර මීට සුළු වේලාවකට පෙර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය කළුතර ශික්ෂණ රෝහල වෙත රැගෙන යන ලෙස අලුත්ගම පොලිසියට නියෝග කළබව කියයි .
මියගිය සංචාරකයාගේ පෙම්වතිය බව කියන විදෙස් තරුණිය දැඩි ලෙස සංවේදී ව සිටියි.
අලූත්ගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත කුමාර අත්තනායක මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන්රත්නායක (58430) මහතා විමර්ශන සිදු කරයි.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
රැසියාවෙන් නිවාඩුවට ඇවිත් මොරගල්ලේ දී අවසන් ගමනේ