මොස්කව්හිදීය (ඒ.එෆ්.පී)
රුසියානු ජාතිකයන් රැගෙන විදේශයන්හි සිට පැමිණෙන ගුවන් යානා හැර වෙනත් කිසිදු ගුවන් යානයකට හෙට (27) මධ්‍යම රාත්‍රියේ සිට රට තුළට ඇතුළුවීමට හෝ පිටවීමට ඉඩනොදෙන බව රුසියානු රජය ප්‍රකාශ කරයි.
ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට රුසියානු රජය පියවර රැසක් ගෙන ඇති විශේෂ නියෝග ද නිකුත් කර ඇත.
ජාත්‍යන්තර ගුවන් යානාවලට රටට ඇතුළුවීමට හෝ පිටවීමට ඉඩ නොදෙන්නේ ද එම ක්‍රියාමාර්ගවලට අනුවය.

කෙසේ නමුත් විදෙස් ගතව සිටින රුසියානු ජාතිකයන් මුදාගෙන පැමිණෙන විශේෂ ගුවන් යානාවලට රටතුළට පැමිණීමට ඉඩදෙන බවද රුසියානු රජය සඳහන් කළේය.
මෙම තහනම රට තුළ ක්‍රියාත්මක අභ්‍යන්තර ගුවන් සේවා සහ යානා සඳහා අදාළ නොවන බව රුසියානු සිවිල් ගුවන් සේවා ආයතනය සඳහන් කළේය.
ඒ අනුව හෙට මධ්‍යම රාත්‍රියේ සිට රුසියානු රජයේ අවසර හිමි ගුවන් යානා හැර අනෙකුත් කිසිදු ගුවන්යානයකට රුසියාවට ඇතුළුවීමට හෝ පිටවීමට නොහැක.
විවිධ රටවල් පනවා ඇති සීමා නිසා එම රටවල සිර වී සිටින රුසියානු ජාතිකයන්ගෙන් සිටින ස්ථානවලට වී ආරක්ෂිතව සිටින්නැයි ද රුසියානු රජය ඉල්ලීමක් කළේය.
රුසියානු ජාතිකයන් නැවත ගෙන්වා ගැනීම සඳහා අදාළ මුදල් වෙන් කරන්නැයි ද නව නියෝගවලින් මුදල් අමාත්‍යාංශයට උපදෙස් දී ඇත.
අද වනවිට රුසියාවෙන් කොරෝනා ආසාදිතයන් 658 දෙනකු වාර්තා වී ඇති අතර බදාදා පස්වරු වනවිට මරණ දෙකක් වාර්තා විය. විදේශිකයන්ට සිය දේශසීමා වසා දැමීමට ද රුසියාව පසුගිය සතියේදී පියවර ගත්තේය.
යුරෝපා සංගමයට අයත් රටවලට ගමන් ගන්නා ගුවන් යානා සීමා කිරීමට ද රුසියාව මේ මස මුලදී පියවර ගත්තේය.
ඒ.එෆ්.පී.
055
2025 නොවැම්බර් මස 17
52
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
881
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2515
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
රුසියාවට ගුවන්යානා ඇතුළුවීම-පිටවීම තහනම්
jayath Thursday, 26 March 2020 08:13 AM
ලෝකේ ඉන්න කොන්ද පනතියන නායකයන් අතලොස්සෙන් කෙනෙක් ඔබ සහ රුසියානු ජනතාවට ජයවේවා