IMG-LOGO

රුසියාවට එරෙහි තීන්දුව හෙට

ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් යුක්රේනයේ ජන සංහාර චෝදනා සම්බන්ධ නඩුවේ තීන්දුව හෙට (16) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත. ජන සංහාර අපරාධ වැළක්වීමේ සහ දඬුවම් දීමේ සම්මුතියට ප්‍රකාරව (යුක්රේනයට එදිරිව රුසියානු සමූහාණ්ඩුව) ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ චෝදනා ගොනු කළහ.

හෙට දින ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8.30 ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සභාපති විනිසුරු ජෝන් ඊ ඩොනෝග් විසින් නෙදර්ලන්තයේ හේග් නුවර ”සාම මාළිගය” ලෙස හැදින්වෙන ජාත්‍යන්තර අපරාධ අධිකරණ පරිශ්‍රයේදී තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් අද දින නඩුව විභාග වන අවස්ථාවේ අදාළ පාර්ශවයන්ට පමණක් අධිකරණ පරිශ්‍රය තුල රැඳී සිටීමට අවසර තිබෙන අතර නඩු විභාගය අන්තර්ජාලය ඔස්සේ සජීවීව විකාශනය කෙරේ.නඩු විභාගය පසුගිය සතියේ ආරම්භ වූ අතර එහිදී රුසියානු නියෝජිතයන් නඩු විභාගය සඳහා සහභාගී නොවූහ.

“රුසියානු නියෝජිතයන් අධිකරණයේ නැහැ ඒගොල්ලො ඉන්නේ යුද පිටියේ මගේ රටට විරුද්ධව දරුණු හමුදා  ප්‍රහාර දියත් කරමින්,රුසියාව යුද්ධය ආරම්භ කලේ ඩොන්බාස් වල ජන සංහාර සිදු වූ බව කියමින් මම කියන්න කැමති එහෙම ජන සංහාරයක් යුක්රේන හමුදා සිදු කළා නම් යුද්ධය නවත්තලා අවි බිමින් තියලා ඇවිල්ලා ජන සංහාරය පිළිබඳ සාක්ෂි ඉදිරිපත් කරන්න” යැයි යුක්රේන දූත ඇන්ටන් කොරිනෙවික් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

මෙම මස මුලදී ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ හමුවේ චෝදනා ගොනු කරමින් යුක්රේනය පැවසුවේ රුසියාව යුක්රේන හමුදා ඩොන්බාස් තුල ජන සංහාරයක් සිදු කලායැයි අභූත චෝදනා නගමින් යුක්රේනයට පහරදීම ආරම්භ කළ බවයි.

මේ දක්වා එම පහර දීම හේතුවෙන් ළමුන් 79 ක්, යුක්රේන සොල්දාදුවන් 1300 ක්, රුසියානු හමුදා 12,000 ක් මරණයට පත්ව ඇති අතර, මේ දක්වා මිලියන 2.8 යුක්රේන ජනතාවක් අවතැන් වී සරණාගතයන් ලෙස වෙනත් රටවලට සංක්‍රමණය වී ඇති බව පෙන්වාදුන් යුක්රේන නියෝජිත පිරිස සැබෑ ජන සංහාරය සිදු වී ඇත්තේ කොතැනදැයි ප්‍රශ්න කළහ.

(රොයිටර්)



අදහස් (0)

රුසියාවට එරෙහි තීන්දුව හෙට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 53 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 238 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 49 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site