






රුසියානු නාවික හමුදාවට අයත් වර්යාග්, අද්මිරාල් පැන්ට්ලීවි සහ බෝරිස් බටෝමා යන නෞකාවන් සුහද සංචාරයක් සඳහා අද (20) කොළඹ වරායට සේන්දු විය.
නාවික සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාවන් පිළිගන්නා ලදී.
වර්යාග් නෞකාව දිගින් මීටර් 187 කින් යුක්ත වන අතර නිලධාරින් සහ නාවිකයින් 529 දෙනෙකුගෙන් යුත් නැව් මුළුවක් එහි රාජකාරී කරනු ලබයි.
අද්මිරාල් පැන්ට්ලීවි නෞකාව දිගින් මීටර් 162.8 කින් සහ නිලධාරින් සහ නාවිකයින් 388 දෙනෙකුගෙන් එහි නැව් මුළුව සමන්විත වේ.
තවද, බෝරිස් බටෝමා නෞකාවේ නිලධාරින් සහ නාවිකයින් 75 දෙනෙකුගෙන් යුක්ත වන බවත් එහි දිග මිටර් 161.1 කි.
සිව් දින නිල සංචාරයක් සඳහා පැමිණි එම නෞකාවන් එළබෙන දෙසැම්බර් 24 වැනි දා දිවයිනෙන් පිටත් වීමට නියමිතය.
දිවයිනේ රැදී සිටින කාල සීමාව තුළදී ශ්‍රී ලංකාවේ වැදගත් ස්ථානයන්හි සංචාරය කිරීම මෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන් කිහිපයක් සඳහා එහි නැව් මුළුව සහභාගී වීමට නියමිතව ඇත.
(28535)
ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය
2025 දෙසැම්බර් මස 18
139
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රුසියාවේ නෞකා 3 ක් කොළඹ වරායට
sudesh Thursday, 20 December 2018 11:35 AM
මේවත් උඩින්ද ආවේ...?
Bamunuarachchi Wednesday, 26 December 2018 06:55 AM
අහන්නත ආසයි. 1956 වෙනතුරු ඕගොල්ලන්ට අපේ වරායට එන්න ඉඩ ලැබුනේ. වතුර ගන්න ආවත් අවුට් හාබර් ඉඳලා වතුර අරන් ගියා. 1956 බණ්ඩාරනායක මහතා තමයි ඔබලාගේ නැව් කොළඹ වරායට එන්න ඉඩ සැලැස්සුවේ. එතුමාට ස්තූතිවන්ත විය යුතුයි.