IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


රුසියාව ඉරානය සමග හිට ගනියි

(විමුක්ති එස් රුද්‍රිගු)

ඊශ්‍රායලය සහ ඇමෙරිකාව ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත එල්ල කළ ප්‍රහාර හෙළා දකිමින් සිය ස්ථාවරය පැහැදිලිව ප්‍රකාශ කර රුසියාව ඉරානයට පැහැදිලිව සහාය ලබාදුන් බවත් ඉදිරියේදී රුසියාව සහ ඉරානය අතර සබඳතා තවත් තරකර ගැනීමට බලාපොරොත්තු වන බවත් ක්‍රෙම්ලින මාධ්‍ය ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් අද (24) ප්‍රකාශ කළේය.

ඇවිලෙන ගින්නට පිදුරු දමමින් රුසියාව සහ ඉරානය අතර සබඳතාව පළුදු කිරීමට ඇතැම් පාර්ශ්ව උත්සාහ ගන්නා බවත් එයට රුසියාව ඉඩ නොතබන බවත් පෙස්කොව් පැවැසුවේය.

ඉරාන විදේශ කටයුතු අමාත්‍ය අබ්බාස් අරග්චි පසුගියදා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවේ අවස්ථාවේ ඉරාන - ඊශ්‍රායල අර්බුදයේදී රුසියාව කටයුතු කළ ආකාරය පිළිබඳ ප්‍රසාදය පළ කළ බවද පෙස්කොව් ප්‍රකාශ කළේය.



අදහස් (2)

රුසියාව ඉරානය සමග හිට ගනියි

de silva Wednesday, 25 June 2025 10:49 AM

නිකන් හිටගෙන උඩ බලන් ඉඳලා හරියනවාද? උදව් නොකර, අර චීනේ, පාකිස්තානයට උදව් කළා වගේ උදව් කරන්න තිබුණානේ ඉරානෙට?

:       0       0

wedage Wednesday, 25 June 2025 10:58 AM

රුසියාවට ජයවේවා. පුටින් දිනේවා...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 514 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2249 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1682 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site