IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රසායනික පොහොර තහනමෙන් කෝටි 24,000ක පාඩුවක්

(සුජිත් හේවාජුලිගේ )

රසායනික පොහොර තහනම් කිරීම හේතුවෙන්  වී සහ තේ නිෂ්පාදනය පසුගිය වසරේදී පහළ යෑම  නිසා රුපියල් කෝටි විසි හතර දහස් පන්සියයකට(24500) වැඩි පාඩුවක් සිදුවී ඇතැයි විශේෂ අධ්‍යයනයකදී තොරතුරු අනාවරණයවූ බව  පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා  ලංකාදීපයට පැවැසීය.

සෑම ගොවි මහතකුටම  මේ හේතුවෙන් එම වර්ෂයේදී සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂයක පමණ පාඩුවක් සිදුව ඇතැයිද ඔහු සඳහන් කළේය.

පසුගිය වසරේ මහ කන්නයේ  වී නිෂ්පාදනය පෙර වසරේ මහ කන්නයට සාපේක්ෂව මෙට්‍රික් ටොන් එකොළොස් ලක්ෂ තිස් දහස් එකසිය හැට හතරකින්ද( සියයට  36 කින්) යල කන්නයේ වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් හයලක්ෂ විසි හය දහස්  පන් සිය  විසි හතකින්ද ( සියයට 30කින්) පහළ ගොස් ඇති බව
වසන්ත අතුකෝරළ මහතා කීවේය.

ඒ අනුව එම කන්න දෙකේ පහළ ගොස් ඇති වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන්  දහ හත් ලක්ෂ  පනස් හය දහස් හය සිය අනූ එකකි.

මේ අතර රසායනික පොහොර තහනම හේතුවෙන් පසුගිය වසරේ තේ නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 47000 කට වැඩි ප්‍රමාණයකින් පහළ ගොස් ඇතැයි එම අධ්‍යයනයේදී පෙනී ගිය බව පැවසූ මහාචාර්යවරයා  එය ඊට පෙර වසරට සාපේක්ෂව සියයට 16 ක  පමණ පහළ යෑමක් බවද   ප්‍රකාශ කළේය.

තේ නිෂ්පාදනය එලෙස පහළ යෑමෙන් සිදු වූ මූල්‍යමය පාඩුව රුපියල් කෝටි  හය දහස් අසූ හතරක් ලෙස  ගණනය කර ඇත.

මේ අතර පසුගිය වසරේදී රබර් අපනයනය සියයට  1.8 කින්ද පොල් අපනයනය  සියයට 5.9 කින්ද  කුළු බඩු අපනයනය සියයට 18.9 කින්ද  එලවලු අපනයනය සියයට 6.6 කින්ද පහළ ගොස් ඇති බව පැවසූ අතුකෝරළ මහතා විශාල විදේශ විනිමයක් මේ හේතුවෙන් රටට අහිමි වූ  බවද සඳහන් කළේය.

මේ අතර පසුගිය රජය කාබනික පොහොර ගෙන්වීම සඳහා පසුගිය වසරේ අප්‍රේල් මස සිට දෙසැම්බර් මස දක්වා රුපියල් කෝටි අටදහස් හාරසිය අසූවක්  පමණ  වැය කර ඇතැයි එම අධ්‍යයනයේදී  වැඩිදුරටත් තොරතුරු අනාවරණයවී ඇත.



අදහස් (9)

රසායනික පොහොර තහනමෙන් කෝටි 24,000ක පාඩුවක්

ranjith Saturday, 04 March 2023 12:24 PM

මෙම තහනම දාපු අයට දඬුවම් දෙන්නේ නැතිද?

:       0       0

පිටිගල මිලානෝ Saturday, 04 March 2023 12:47 PM

ඕනෑම මෝඩයෙක්ට අපේ රටේ නායකයා වෙන්න පුළුවන් ක්‍රමවේදයක් මේ රටේ තිබෙන බවට ප්‍රබල සාක්ෂියක් මේක. දැන්වත් ව්‍යවස්ථාව වෙනස් කරගෙන ඉදිරි ගමනක් යමු. රටේ විශාල බහුතරයක් මෝඩයෙක්ට ඡන්දය පාවිච්චි කළා කියන්නේ අපි නම් මාරෙට ඇන්දෙන ජාතියක්...

:       0       0

vijayanthi Saturday, 04 March 2023 01:20 PM

පිස්සෙක් කරපු විනිනැහිය...

:       0       0

Nuwan Saturday, 04 March 2023 01:27 PM

ඒක අයකර ගන්න ඕනෑ හිටපු ජනපතිගෙන්... ඔය මෝඩ තීරණ ගත්නිසා. හරියට අපි වැඩකරන ආයතන අපෙන් සිදුවන අත්වැරැදි වලට අපේ පඩියෙන් කපනවා වගේ... එහෙමයි මේවා දියුණු වෙන්නේ...!

:       0       0

de silva Saturday, 04 March 2023 03:12 PM

ගෝඨාභය, පාදෙනිය, රතන හිමි වැනි අයගෙන් ඉල්ලා නඩු දාන්න. ගෙවන්න බැරි නම් මොවුන්ගේ ප්‍රජා අයිතිය සහ රජයේ තනතුරු දැරීමේ අයිතිය වසර 20ක් පමණ අත්හිටුවන්න.. නැතිනම් ඉදිරියටත් මොවුන් දේශපාලන සහ වෙනත් නිලතල දරමින් මෙවැනි විනාශ කරාවි...

:       0       0

de silva Saturday, 04 March 2023 03:16 PM

දැන් වගකීම බාරගන්නේ කවුද? මෙහෙම වෙනවා කෘෂි ක්ෂේත්‍රය හෝ ගොවිතැන ගැන කිසිම දැනීමක් නොමැති අය තීන්දු ගත්තාම, මේ තීරණය ගන්න කළින් ගොවි සංගම්වලින් අහලා බැලුවා නම් මෙහෙම වෙන්නේ නැහැ...

:       0       0

පැරකුම් Saturday, 04 March 2023 03:41 PM

වියතුන්ගේ මගපෙන්වීමෙන් ලද තවත් එක් ජයග්‍රහණයක්...! කෝ දැන් ඒ වියත්තු? නන්දෙත් අතුරුදන් වගේ. අපි තමයි අනාථ වුනේ…!

:       0       0

Kumara Saturday, 04 March 2023 04:45 PM

ගෝඨාභය, පාදෙණිය, අතුරලියේ රතන... ඔය තුන්දෙනාගෙන් පාඩුව අයකරගන්න ඕනෑ...!

:       0       0

Lalla Saturday, 04 March 2023 06:23 PM

ඕක කාබනික මේනියාවට ආවඩපු එවුන්ගෙන් අයකරන්න. වාචාල කටවල් තියන අයගෙන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1015 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site