
(ඩයනා උදයංගනී)
රසායනික පොහොර ආනයනය කිරීමට අවසර ලබාදීම පිළිබඳ ගැසට් නිවේදනය අද නිකුත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
ජනතාවට සංවේදී ආණ්ඩුවක් ලෙස මෙම පියවර ගත් බවද ඇමතිවරයා කීවේය.
ඒ අනුව රසායනික පොහොර, පලිබෝධනාශක හා දිලීර නාශක ආනයනයට පෞද්ගලික අංශයට අවසර දෙන බවත්, හරිත කෘෂිකර්මය සඳහා වූ රජයේ ප්‍රතිපත්තියේ වෙනසක් සිදුනොවන බවද අමාත්‍යවරයා පැවසීය.
ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දාගන්න්ඩ රිවස් ගියර් එකට.....
අනේ ගැසට් නම් ගහන්න එපා කොල්ලෝ... ඔය බයිලා ටික කැසට් එකක ගහලා එවපං. අපිව හිනස්සපු තරමට සංවේදී තැන් හිරි වැටිලා.
ඒක තදින්ම රිවස්.මොන හරිත කෘෂිකර්මයක්ද මේ?මේ කන්නයේ වගාව නම් විනාශයි
අපිට තව මාස 6කට එලවලු කන්නත් නැති කරල ගැසට් ඵකත් රිවස් කලා.අනේ මෙහෙම පිස්සු ආන්ඩුවක්.අපිට කෙලින් හිටින්න පන නැහැ.අපි චන්දෙ දීල කර ගත්ත අපරාදයක්.
වලිගය කොහෙද තියෙන්නේ?
රෙද්දෙත් පහරගත්තම තමයි ජනතාවගෙ සංවේදීකම මතක් වෙන්නෙ ...... ඒත් ලොක්කන්ගෙ කටේ සව්දමේ අඩුවක් නෑ ....... ඔලමොට්ටල උද්දඡ්ච ප්‍රතිපත්ති නිසා කොරෝනාව මදිවට සාගතයකුත් අතලඟ. කාටකාටත් ගිණි පත්තු වෙන්නෙ සිංහල අවුරුද්ද එනකොට.
එතකොට ඊයේ උඩ දාගෙන අර මහත්තයෙකුගේ ආත්ම ගෞරවය බල්ලට දාලා ඒ මනුස්සයාව ලෝක ප්‍රසිද්ධ කරලා, තනතුරින් පහකරලා මාරුවක් දුන්නේ මොන කෙහෙල්මලටද? මේ මිනිස්සු මිනිස්සු නෙවෙයි... රිවර්ස් පෙති ගහපු පිස්සො රංචුවක්... රසායනික පෝර නරකයි, පළිබෝධ නාශක හොඳයිද?
දැන් ගොවියෝ වැඩි තන්හාවට රජයෙන් දෙන කාබනික පොහොරයි මිලට ගන්න රසායනික පොහොරයි දෙකම දැම්මොත් වගාවට විශාල කෘමි උවදුරක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.
නටපු පදේකුත් නැත. බෙරේ පලුවකුත් නැත.
පෞද්ගලික අංශයට ආනයන කරන්න අවසර දෙනවා කියන්නේ හිතවතුන්ට බිස්නස් කරගන්න තව අවස්තාවක් දීලා ගිනි ගණන්වලට ගොවියාට පොහොර ගන්න වෙනවා කියන එක...
ජනතාවට සංවේදී ආණ්ඩුවක්ලු.
අංගොඩ මානසික රෝහලේ ඉන්නවා මීට වඩා යමක් තේරෙන මිනිස්සු
සඳුදා කිව්වා රසායනික පොහොර ගේන්න දෙන්නේ නැහැ කියලා... දයාසිරි කිව්වා ගේන්න අවසර දුන්නා කියලා. දැන් මෙයා කියනවා අද සිට ගෙනෙන්න අවසර දෙනවා කියලා.. ආණ්ඩුවට රිවස් ගියර් එක තිබුණාම ඇති රටම රිවස් එකේම යාවි...
අර දොස්තර මාෆියාවේ ගුණ්ඩුව ගෝඨා ගිල්ල එකයි ප්‍රධාන හේතුව.
මේ පිස්සු හුටන්ලා නිසා මිනිස්සු බඩගින්නේ. නුඹලාට ඡන්දෙදී කෘමිනාෂකවල පිහිට තමයි...
ඇමැතිතුමා කටින්ද ඒක කිව්වේ? පුද්ගලික අංශයෙන් රසායනික පොහොර ගෙන්නුවත් ගහන්නේ එකම පොළවට නේද? එතකොට ඒක හරිත කෘෂිකර්මයද?
දැන් වගා හානිය වෙලා ඉවරයි, පලිබෝධ නාශක නැතිව. පලිබෝධ නාශක නැනිව කරන්න පුළුවන් හරිතාගාර වගාව පමණයි. දැන් ප්‍රමාද වැඩියි. රට කෑවා. සිංහල අවුරුද්දට කිරිබත් විතරයි කන්න වෙන්නේ...
අනේ සර්.. අපිට මොන පොහොරක්වත් එපා සර්... පුලුවන් නම් රිවර්ස් වෙන්නේ නැති ගැසට් එකක් විතරක් ගහන්න සර්... මෙයාලා අහනවා සර් රිවර්ස් වෙන්නේ නැති ගැසට් ගහන්න බැරි සර් කොහොමද යුද්දේ කරේ කියලා... සර්... පාරට බහින්නත් බෑ සර්..