(සුමිත් පොතුපිටිය සහ සුනිල් එස් තන්ත්‍රිආරච්චි)
රුසියානු ජාතික යුවළකට අයත් රුපියල් ලක්ෂ 13 කට අධික වටිනාකමකින් යුත් මුදලක්, ඇපල් ජංගම දුරකථනය සහ ඒ.ටී.එම් කාඩ්පත් ඇතුළු වටිනා ලියකියවිලිද අඩංගු ගමන් මල්ල කොල්ලකා පලාගිය පුද්ගලයකු පැය දෙකක් ඇතුළත අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ පොලිසිය පවසයි .
විදේශ යුවළ කළුතර පලාතොට මාර්ගයේ ගමන් කරමින් සිටියදී යතුරු පැදියකින් පැම්ණි පුද්ගලයකු ගමන් මල්ල කොල්ලකා පලාගොස් ඇති බවට රුසියානු කත කළ පැමිණිල්ලක් කර ඇත.
එම පැමිණිල්ලට අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ පොලිස් පරීක්ෂක ගයාන් ක්‍රිෂාන්ත ඇතුළු පොලිස් කණ්ඩායම ප්‍රදේශයේ සීසීටීවී දර්ශන පරීක්ෂා කර යතුරුපැදියේ අංකය අනුව ගොස් කළුතර, කිතුලාව ප්‍රදේශයේ සැඟව සිටී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී විදේශ ගමන් බලපත්‍ර 2 ක් , ජාත්‍යන්තර ගුවන් ගමන් බලපත්‍ර 2 ක් , රුසියානු රියදුරු බලපත්‍ර 2 ක්, ජාත්‍යන්තර රියදුරු බලපත්‍ර 2 ක් , වටිනා ඇපල් වර්ගයේ ජංගම දුරකථනය , මාස්ටර් ඒටීඑම් කාඩ්පත් හතරක් , ඇමරිකානු ඩොලර් 4000 කට ආසන්න මුදලක් සහ ශ්‍රීලංකා රුපියල් හාරදහසක් ඇතුලත් ගමන් මල්ල සොයාගෙන කොල්ලකෑමට යොදාගත් ස්කූටි වර්ගයේ යතුරුපැදියද පොලිස් භාරයට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අති විශිෂ්ඨයි…! ශ්‍රී ලංකා පොලිසියට සැමගේ ප්‍රණාමය හිමිවිය යුතුයි…!!!
මේවා අහලා විදේශිකයන් තව වැඩි වැඩියෙන් ලංකාවට එයි...