(සුමිත් පොතුපිටිය)
මාතර බලා ධාවනයවූ සීඝ්රහගාමී දුම්රියේ ගමන් ගත් රුසියන් ජාතික යුවළකගේ ලැප්ටොප් පරිඝනක දෙකක් අඩංගු ගමන් මලු දෙක සොරකම් කිරීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ ආරම්භ කළ බව පානදුර දකුණ පොලිසියේ පොලිසිය පවසයි.
හික්කඩුවේ සංචාරක නිකේතනයක නවාතැන් ගෙන සිටින ඔර්ලෝ ඔලේග් නැමැති 32 හැවිරිදි රුසියානුවා විසින් අද 8 ට පමණ ලද පැමිණිල්ලක් අනුව මෙසේ පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.
රුසියානු ජාතික යුවළ මරදාන සිට මාතර බලා ධාවනයවූ දුම්රියෙන් කොළඹ සිට හික්කඩුව බලා ගමන් කර ඇති අතර, ඔවුන්ගෙන් ලැප්ටොප් දෙක අඩංගු ගමන් මලු දෙක දුම්රිය රාක්කයේ තබා අසුන්ගෙන සිට ඇතැයි සඳහන් වේ.
පානදුර දුම්රිය ස්ථානයට දුම්රිය ළගාවන විට දුම්රිය මැදිරි තුළ දැඩි තදබදයක් හටගෙන ඇති අතර, එහිදී ඉදිරියෙන් සිටී කළු පැහැති ටී ෂර්ට් එකක් ඇද සිටි පුද්ගලයකු ලැප්ටොප් දෙක අඩංගු ගමන් මලු දෙක රැගෙන ගොස් ඇති බවත්, ඔහු නැවත දුටුවහොත් හඳුනාගත හැකි බවත් පවසා ඇතැයි පැවසේ.
සිද්ධියත් සමගින් දුම්රිය මද වේලාවක් පානදුර දුම්රිය ස්ථානයේ නවතා තිබී පසුව පිටත් වූ බව දුම්රිය ප්‍රකාශකයෙක් පැවසීය.
අගතියට පත් රුසියන් ජාතික යුවළ පානදුර දකුණ පොලිසියට පැමිණ පැමිණිලි කර පෞද්ගලික බස් රථයකින් හික්කඩුව බලා පිටත්ව යන අයුරු දැකගත හැකි විය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩේ මේ වගේ කාලකන්ණි රටවල් වලට එනවට
සංචාරකයන් අපේ රට පිලිකුල් කරන්නේ මෙවැනි හේතුන් නිසා ! එක සැරයක් අපේ රටට ආපු සංචාරකයන් නැවත එන්නේ නැහැ !
රටට පැමිණෙන සංචාරකයන්ට මෙවන් දේ සිදුවෙන විට එයින් ලොව පුරා පැතිරෙන අපකීර්තිය නිසා සංචාරකයන් මේ රටට පැමිණීම සීඝ්‍ර ලෙස පහළ යනු ඇත.දුම්රිය ආරක්ෂක හමුදාවේ හොඳ නිලධාරීන් ඇති.ඒත් ඔවුන්ගෙන් වැඩිදෙනා හොඳ නම් දක්ෂ නම් මෙවන් හොරකම් සිදුවේදැයි සිතා බැලිය යුතුය.එබැවින් ඔවුන්ව දුම්රිය දෙපාර්තමේන්තුවේ වෙනත් වැඩකට යොදවා,දුම්රියේ සෙල්ලම් දාන හොරුන් තක්කඩියන් අල්ලන්න එස්ටීෆ් නිලධාරීන් යොදවන්න.