IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රුසියන් යුවළගේ ලැප්ටොප් උස්සලා

(සුමිත් පොතුපිටිය)

මාතර බලා ධාවනයවූ  සීඝ්රහගාමී දුම්රියේ ගමන් ගත් රුසියන් ජාතික යුවළකගේ ලැප්ටොප් පරිඝනක දෙකක් අඩංගු ගමන් මලු දෙක සොරකම් කිරීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ ආරම්භ කළ බව පානදුර දකුණ පොලිසියේ පොලිසිය පවසයි.

හික්කඩුවේ සංචාරක නිකේතනයක නවාතැන් ගෙන සිටින ඔර්ලෝ ඔලේග් නැමැති 32 හැවිරිදි රුසියානුවා විසින් අද 8 ට පමණ ලද පැමිණිල්ලක් අනුව මෙසේ පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.

රුසියානු ජාතික යුවළ මරදාන සිට මාතර බලා ධාවනයවූ  දුම්රියෙන්  කොළඹ සිට හික්කඩුව බලා ගමන් කර ඇති අතර, ඔවුන්ගෙන් ලැප්ටොප් දෙක අඩංගු ගමන් මලු දෙක දුම්රිය රාක්කයේ තබා අසුන්ගෙන සිට ඇතැයි සඳහන් වේ.

පානදුර දුම්රිය ස්ථානයට දුම්රිය ළගාවන විට දුම්රිය මැදිරි තුළ දැඩි තදබදයක් හටගෙන ඇති අතර, එහිදී ඉදිරියෙන් සිටී කළු පැහැති ටී ෂර්ට් එකක් ඇද සිටි පුද්ගලයකු ලැප්ටොප්  දෙක අඩංගු ගමන් මලු දෙක රැගෙන ගොස් ඇති බවත්, ඔහු නැවත දුටුවහොත් හඳුනාගත හැකි බවත් පවසා ඇතැයි පැවසේ.

සිද්ධියත් සමගින් දුම්රිය මද වේලාවක් පානදුර දුම්රිය ස්ථානයේ නවතා තිබී පසුව පිටත් වූ බව දුම්රිය ප්‍රකාශකයෙක් පැවසීය.

අගතියට පත් රුසියන් ජාතික යුවළ  පානදුර දකුණ පොලිසියට පැමිණ පැමිණිලි කර පෞද්ගලික බස් රථයකින් හික්කඩුව බලා පිටත්ව යන අයුරු දැකගත හැකි විය

 



අදහස් (3)

රුසියන් යුවළගේ ලැප්ටොප් උස්සලා

සමන් Monday, 27 February 2023 11:07 PM

හොඳ වැඩේ මේ වගේ කාලකන්ණි රටවල් වලට එනවට

:       0       0

ගනේගොඩ Tuesday, 28 February 2023 01:03 AM

සංචාරකයන් අපේ රට පිලිකුල් කරන්නේ මෙවැනි හේතුන් නිසා ! එක සැරයක් අපේ රටට ආපු සංචාරකයන් නැවත එන්නේ නැහැ !

:       0       1

Samitha Senaka Aluthgamage. Tuesday, 28 February 2023 11:42 AM

රටට පැමිණෙන සංචාරකයන්ට මෙවන් දේ සිදුවෙන විට එයින් ලොව පුරා පැතිරෙන අපකීර්තිය නිසා සංචාරකයන් මේ රටට පැමිණීම සීඝ්‍ර ලෙස පහළ යනු ඇත.දුම්රිය ආරක්ෂක හමුදාවේ හොඳ නිලධාරීන් ඇති.ඒත් ඔවුන්ගෙන් වැඩිදෙනා හොඳ නම් දක්ෂ නම් මෙවන් හොරකම් සිදුවේදැයි සිතා බැලිය යුතුය.එබැවින් ඔවුන්ව දුම්රිය දෙපාර්තමේන්තුවේ වෙනත් වැඩකට යොදවා,දුම්රියේ සෙල්ලම් දාන හොරුන් තක්කඩියන් අල්ලන්න එස්ටීෆ් නිලධාරීන් යොදවන්න.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site