දෙදින නිල සංචාරයක් සඳහා රුසියාවට ගොස් සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි උණුසුම් ලෙස පිළිගැනීමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කටයුතු කළේය.
රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු, මෝදි රුසියාවේ සංචාරය කරන පළමු අවස්ථාව මෙයයි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා රුසියාවට ගොස් සිටින්නේ ඉන්දු රුසියා ද්වී පාර්ශ්වික සබඳතා සම්බන්ධයෙන් පැවැත්වෙන සමුළුවට සහභාගී වීම සඳහාය. ගෝලීය සහ කලාපීය වැදගත් කරුණු කාරණා සම්බන්ධයෙන් මෝදි සහ පුටින් අතරේ සාකච්ඡා පැවැත් වෙයි.
රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මෝදි සහ රුසියන් ජනාධිපති පුටින් අතරේ දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විණි. එහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි, රුසියන් ජනාධිපතිවරයාට අවධාරණය කළේ රුසියන් යුක්රේන අර්බුදයට යුද පිටියේ විසඳුම් නැති බවය.
රාජ්‍ය නායකයාන් දෙදෙනා රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූයේ මොස්කව් අගනුවරට නුදුරින් පිහිටි රුසියන් ජනාධිපතිවරයාගේ නෝවෝ ඔගර්යෝවෝ මන්දිරයේය.
යුක්රේනයේ සටන් බිමට ගොස් සිටින රුසියන් හමුදාවට බැඳුණු ඉන්දීය සොල්දාදුවන් සම්බන්ධයෙන් ද මෝදි සහ පුටින් අතරේ සාකච්ඡා පැවැත්විණි.
ඉන්දීයානුවන් රුසියන් හමුදාවට බඳවා ගැනීම සම්බන්ධයෙන් මෝදි සිය අප්‍රසාදය පළ කිරීමත් සමඟ පුටින් අවධාරණය කළේ රුසියන් හමුදාවට එක් වුණු ඉන්දියානුවන් සියලු දෙනා හමුදාවෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බවත්, අලුතින් ඉන්දියානුවන් බඳවා ගැනීමක් සිදු නොකරන බවත්ය.
රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන්, රුසියාවේ ස්ථාවරය වී ඇත්තේ, සාමකාමී විසඳුමකට යා යුතු බවය. යුද ගැටුම් නවත්වා සාකච්ඡාමය විසඳුමක් වහා අවශ්‍ය බව ඉන්දියාවේ ස්ථාවරයයි.
රුසියන් ජනාධිපති පුටින්, මෝදි වෙනුවෙන් විශේෂ පෞද්ගලික භෝජන සංග්‍රහයක් ද පැවැත්වීය.
(ඒ.එෆ්.පී.)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
රුසියන් යුක්රේන යුද්ධයට යුද පිටියේ විසඳුම් නැහැ