
හඳුනා නොගත් පුද්ගලයන් දෙදෙනකු රුසියානු බෙල්ගොරොඩ් පළාතේ සිදු කළ වෙඩි තැබීමකදී යුද පුහුණුව ලබමින් සිටි 11 දෙනකු මියගොස් තවත් 15 දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මෙම පිරිස යුක්රේනයේ සිටින රුසියානු හමුදාවන්ට එකතු වීම සඳහා ස්වේච්ඡාවෙන් හමුදාවට එක් වී යුද පුහුණුව ලබමින් සිටි පිරිසක් බව විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නේය.
යුක්රේන - රුසියානු දේශ සීමාවේ නිරිත දිග බෙල්ගොරොඩ් ප්‍රදේශයේ පුහුණු කඳවුරකදී මෙම වෙඩි තැබීම සිදුව ඇත.
වෙඩි තැබීම සිදුකළ පුද්ගලයන් දෙදෙනා හමුදාව පෙරළා සිදුකළ වෙඩි තැබීමේදී මිය ගිය බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd