
(ටෝනි කරුණානායක)
කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ ධාවනතරගයක් පැවැත්වු යතුරු පැදිකරුවෙක්ටචෝදනා 04 කට අදාළව රුපියල් 90,000 ක දඩයක් ගම්පහ අතිරේක මහෙස්ත්‍රාත් ආර් .එස්.එම්.මහේන්ද්‍ර රාජා මහතා අද (14) නියම කලේය.
මුල් ආකෘතිය වෙනස් කිරිම, අංක තහඩු නොමැතිව සහ වලංගු රියදුරුබලපත්‍රයක් නොමැතිව අපරික්ෂාකාරි ලෙස යතුරු පැදියක් ධාවනය කිරිම යන චෝදනා සම්බන්ධයෙන් වරද පිලිගත් කඩවත ,රම්මුතුගල ප්‍රදේශයේ පදිංචි සදීස දුල්සාන් රාජපක්ෂ නැමති යතුරු පැදිකරුට මෙසේ දඩ නියම කෙරුණි .
කඩවත අධිවේගී පිවිසුම් මාර්ග යේ සිට යක්කල කන්දකපාපු හංදිය දක්වා ත්‍රිවීලර් සහ යතුරු පැදි මුදලට රේස් පැදීම රාත්‍රි 12ත් අලුයම් කාලයත් අතර දී සිදු කරන බව පැමිල්ල මෙහෙයවමින් යක්කල පොලිසියේ සැරයන් කුමාර වීරසිංහ (27316) මහතා අධිකරණය හමුවේ පැවසීය.
රේස් පදින යතුරු පැදිය හෝ ත්‍රිවීලර් රථයට ආරක්ෂාව සපයන වාහන නිසා කොළඹ - නුවර ප්‍රධාන මාර්ග යේ විශාල වසයෙන් වාහන තදබදයක් ඇති වන බව පැවසීය.
එම රියදුරන්ව පොලිසියට ගෙන්වා කොතෙක් අවවාද කලද ඔවුන් ගේ එම ක්‍රියාවන් නොනවත්වා සිදු කරන බව ට වැඩ්දුරටත් සදහන් කලේය.
දෙදෙනෙකු ට ගමන් කල හැකි ලෙස සීට් එක නිෂ්පාදනය කර ඇති මෙම යතුරු පැදියේ සීට් එක එක් අයෙකුට පමණක් ගමන් කල හැකි ලෙස සකසා ඇති බවත් නියමිත හැඩලය ගලවා උස් හැඩලයක් සවිකිරීම ඇතුළු රේස් පැදීමට පහසු වන ආකාරයට යතුරු පැදිය සකසා ඇති බවත් හෙතෙම පැවසීය.
මෙම රියදුරන්ගේ ක්‍රියා කලාපය හේතුවෙන් මාරක රිය අනතුරු බෙහෙවින් සිදුවන හෙයින් දැඩි දඩුවම් පමුණුවන ලෙස සැරයන්වරයා අධිකර ණයෙන් ඉල්ලා සිටියේය.
ඒ අනුව සැක කාර යතුරු පැදිකරුට තරයේ අවවාද කල අධිකරණය රුපියල් 90,000 ක දඩයක් නියම කල අතර යතුරු පැදියේ හිමිකරු ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට සිතාසි නිකුත් කලේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වගේම රෙස් යන පුද්ගලික බස් රියදුරන්ටත් දැඩි දඩුවම් දිය යුතුයි.
දඬුවම හොඳටම මදි. අයිතිකරුටත් මතක හිටින්න දැඩි දඬුවම් දෙන්න. ලංකාවේ මාර්ග අනතුරුවලට එක් හේතුවක් තමා පොලිසිය නිද්‍රාශීලි වීම...
අනේ අපේ පැත්තටත් එන්නකෝ, අපේ එවුන්ට ලක්ෂ 2ක් ගහන්න ඕනේ
නියමයි! බයිසිකල් රාජ සන්තක කරන්න
දඩුවම ප්‍රමාණ්වත් නැත.