
(අමදෝරැ අමරජීව)
මෙවර ජනාධිපතිවරණයේදී සමස්ථ ලංකා මහජන කොංග්‍රසය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කළත් තමන් එම තීරණයට එකඟ නැතැයි එහි ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් අබ්දුල්ලා මහරුප් මහතා පැවසීය.
ඔහු මෙසේ ද පැවැසීය.
තමන්ගේ මෙම තීරණය පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යූදීන් මහතාට දැනුම් දුන්නා. මෙම තීරණය අලුත් දෙයක් නොවෙයි.
තම පක්ෂයේ උත්තරීතර මණ්ඩලය සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කිරීමට පෙර මෙම දැනුම් දීම සිදුකළ බව ද ජාතික සංවිධායකවරයා කීහ.
මගේ ආධාරකරුවන් සීයට අනූපහක් මාස හයක් තිස්සේ කියනවා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන්න ඕන කියලා. එහෙම තියෙද්දි මම කොහොමද සජිත් ප්‍රේමදාස මහතාට සහාය දෙන්නේ.
අනික් එක අපි බලන්න ඕන ආර්ථික අර්බුදයට ලක්වෙලා තිබුණු වෙලාවේ තෙල් පෝලිම් සහ ගෑස් පෝලිම් යුගය නැති කරලා රට ගොඩ ගත්තේ කවුද කියලා ඒ අර්බුදයට අපි ආයි යනවද කියන එක අපි බලන්න ඕන. සජිත්ට සහාය පළ කරලා සජිත් බලයට ආවොත් නැවත වෙන්නේ රට ආර්ථික වශයෙන් අරාජික වෙන එක විතරයි යැයි ජාතික සංවිධායකවරයා තවදුරටත් පැවසීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාව බලාපොරොත්තු වන්නේ ස්ථාවරත්වය මිස අත්හදා බැලීම් නොවන බවයි පේන්නේ. ඇරත් තමන් මෙතෙක් ජනතාව වෙනුවෙන් කළ වැඩ අනුව මිස කරනවා කියා බෙරිහන් දෙන වැඩ ගැන ජනතාව විශ්වාස කරන එකක් නෑ...!
වැඩි ගොඩ ලැබෙන්නේ කාගෙන්ද බලන්න... කට්ටියම එකතුවෙලා ඒ ගොඩට පනින්න. වෙන මොකුත් අරමුණු නෑනේ...!
තෙල් පෝලිම්, ගෑස් පෝලිම් නැති වුනේ රනිල්ගේ පාලන සමයේ තමයි. ඒත් එහෙම කළේ කොහොමද කියලා හොයලා බැලුවාද? බලන් ගියාම ගමේ ගොඩේ ඉන්න නූගත් මිනිස්සුන්ගෙයි මේ මන්ත්‍රී වරුන්ගෙයි බුද්ධි මට්ටමේ කිසිම වෙනසක් නෑනේ...!
තමුන්නැහැලාට ඔය දෙක විතරයි. දෙකම එකයි, රනිල් කළ දෙයක් නැහැ කියලා කවදා වැටහේවිද?
ජනතාව ඔහෙලා නටන පදේට නටන්න සූදානම් නැහැ...
පෝලිම් නැතිකර තියෙන්නේ මිල උපරිමයට වැඩිකිරීම හරහායි. නැතිව ආර්ථිකය වර්ධනය කිරීම හරහා නොවෙයි.
අනේ මොවුන්ගේ බයිලා මොවුන්ට ඇති ඡන්දයෙකුත් නැහැ. ආධාර කරුවනුත් නැහැ. මොවුන් කොහොමත් ගැලපෙන්නේ රනිල්ට තමයි. මුස්ලිම් ජනතාව අපි නම් අනුරට...