(රංජිත් රාජපක්ෂ )
රිෂාඩ් බදුයුදීන් හිටපු අමාත්‍යවරයා නීතිය හමුවේ සැඟව සිටින්නේ ඔහු සතොස අමාත්‍යවරයා ලෙස සිටි කාලයේ රටේ ජනතාවගේ මුදල් බිලියන ගණනකට වගකිවයුතු නිසා බව කෘෂිකර්ම අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
‘රිෂාඩ් බදුයුදීන්ට දාලා තියෙන්නේ පොඩි නඩුවක්. ඕක නෙවෙයි දාන්න ඕනි නඩුව. සතොසේ හාල්, සිනි ගෙනාපු බිලියන ගණන් වංචා තියෙනවා.ඔහු දඩුවම් ලැබිය යුත්තේ පාස්කු ප්‍රහාරයට විතරක් නෙවෙයි. බිලියන ගණන් වංචා කරපු සිද්ධියන් වලට ඉදිරියේදි නීතිය ක්‍රියාත්මක වෙයි.‘ යයිද මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
මහින්දානන්ද අලුත්ගමගේ මහතා එ බැව් කියා සිටියේ (17) දින ගඟ ඉහල කෝරලයේ ප්‍රාදේශිය සභාව යටතේ පාලනය වන මහජන පුස්තකාලය සහ තොරතුරු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරිමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිණි.
‘රිෂාඩ් බදුයුදීන් අත්අඩංගුවට ගැනිමට කටයුතු කරමින් සිටිනවා නමුත් ඔහු සැඟවි සිටිනවා.
‘ පසුගිය කාලයේ විපක්ෂයේ ඉන්නකොට අපිවත් අත්අඩංගුවට ගන්න කටයුතු කලා නමුත් අපි හැංගුනේ නැග බය වුණේ නෑ. සිරගෙවල් වලට ගියා. තමන් වැරද්දක් කරලා නැත්තම් හැංගෙන්න ඕනි නෑ. වරදක් කරලා තියෙන නිසා තමයි මෙහෙම හැංගිලා ඉන්නේ‘
‘පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන චුදිතයෙක් යයි කියන රියාජ් බදුයුදීන්, ඒ කියන්නේ රිෂාඩ් බදුයුදීන්ගේ සහෝදරයා, අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව මගින් නිදහස් කරලා තියෙනවා, මේක නිති විරෝධි ලෙස තමයි ආණ්ඩු පක්ෂය හැටියට අපි දකින්නේ . ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් 100 දෙනෙකු අත්සන් කරන ලද ලිපියකින් අපි ජනාධිපතිතුමාට දැනුම් දුන්නා මේ පිලිබදව පරික්ෂණයක් පවත්වන ලෙසත් නැවතත් ඔහු අත්අඩංගුවට ගැනිමට කටයුතු කරන ලෙසටත්.
‘මේ වන විට ඒ පිලිබඳව පරික්ෂණ පැවැත්වෙනවාග අපි විශ්වාස කරනවා ඔහුව ඉදිරියේදි අත්අඩංගුවට ගනි කියලා. ඒ වගේම ඔහුව නිදහස් කළ අයට එරෙහිව නිතිමය පියවර ගනී කියලත් අපි බලාපොරොත්තු වෙනවා ‘
අපිට කිසිසෙත් 20 වෙනි සංශෝධනය සම්මත කර ගන්න රිෂාඩ් බදුයුදීන්ගේ ජන්දය අවශ්‍ය නැ. කිසිසෙත් ඔහුගේ ජන්දය අපි ගන්නෙත් නෑ අවශ්‍යත් නෑ යනුවෙන් ද කෘෂිකර්ම ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට අර තවත් ඇමතිවරයෙක් දවස් 25 ක්ම එක්කෙනෙක් හන්ගාගෙන හිටියා කියලා කිව්වේ එයාගෙත් වැරදි තිබුණු නිසා වෙන්න ඇති නේද අපේ ඇමතිතුමෝ. අපට නම් පෙනෙන්නේ 69 ලක්ෂයක බලාපොරොත්තු දැන් ඕසේට හේදිලා යනවා වගෙයි. අර ඔබතුමාලා බලයට පත්කරන්න දරදිය අද්දා කියලා කියන මහා සංඝ රත්නයත් දැන් නෝක්කාඩු කියන්න පටන් අරගෙන නේද? තමන්ගේ කට වචනය තමා චක්‍රෙල්ඛය කියලා "අමාත්‍යාංශවල රස්සාවල්වලට ඥාතීන් පත්කරලා අහුවෙන්න එපා" කියලා වාචික චක්‍රලේකයක් නිකුත් කළාට අයියා එයාගේ පුතා පත්කරපු එක ගැන මීක් නෑනේ. වැඩකරන අපේ විරුවාට වැඩ බැරිද නැත්නම් ඒ පත්කරපු කෙනා ඇත්තටම එයාගේ පුතෙක් නෙවෙයිද?
බලන්නකෝ... රිෂාඩ් 20ට ආණ්ඩුවට වෝට් එක දුන්නාට පස්සේ මෙයාලගේ වැඩ අන්තිමට රිෂාඩ් නිසා 20 දිනුවා කියන්න තමයි වෙන්නේ. දැන් පොර ටෝක් 69 ලක්ෂයට දැන් සැප ලැබෙනවද?
අලි සබ්‍රිගේ ගෙදරයි, ආරක්ෂක ලේකම්ගේ ගෙදරයි බැලුවේ නැත්ද, මචං?
හූ හූ මෙයාට මොනවද කියන්න තියෙන්නේ ?
තමන්ගේ නමට නඩු පෝලිමක් තියාගෙන කටින් කොහොමහරි යනවද මන්දා...?
රාජපක්ෂලා බියේ හැංගුණේ නැහැ නේද? ඒ වැරදි කර නැති නිසයි. මද්දුම බණ්ඩාර මෙන් හිරේ යන සැටි මම පෙන්වමි කියා නාමල් රාජපක්ෂ හිරේ ගියා.. හැබැයි යහපාලක ගොයියනේ නුඹලාගේ ඒ පව් වලට සමාව ලැබෙන්නේ නැහැ.
මහින්දානන්ද මහත්තයෝ... ඔබතුමාට කිසිම සදාචාරයක් නැහැ. හොරකම, දූෂණය ගැන කතා කිරීමට ඔබත් පහුගිය කාලේ ඔහොම තමයි හැංගිලා හිටියේ..
කොහොම වුණත්, මේ පවතින්නේ ඔබතුමන්ලාගේ රජයයි. පොලිස් කණ්ඩායම් කිහිපයක් යෝදවලා තිබෙද්දීත් ඔහු උසාවියට පැමිණ අත්සන් යොදා ගොස් තිබෙනවා. ඒ පොලිස් කණ්ඩායම් ඒ අවස්ථාවේදී ඔහු සොයමින් සිටියාද යන්න ගැන අප හට ඇත්තේ කුහුළකි...
හැංගිලා නොවේ. රාජපක්ෂ රැකවරණය යටතේ ආරක්ෂා කාරීව ඉන්නවා ඇති.
අන්න ලකුණක් ගන්න නම්, අල්ලලා දෙන්න මහින්ද...
හරිම පිරිසිදු මහත්මයෙක්නේ... මේ දූෂිතයෙක් කියලා කෑ ගහන්නේ. මෙයාගේ විවාහක භාර්යාවම කියලා තියෙනවා මෙයා හොරකම් කළා කියලා. එංගලන්තේ තියෙන ගෙය හදන්න මුදල් ලැබුනේ කොහොමද කියලාවත් කියාගන්න බැරිවුණා.. කළු සල්ලි. කළු සල්ලි. ඉස්සොත් ඔහොමයි.. ඉස්සා කියනවලු මම සුදනා කියලා. නමුත් ඉස්සාගේ ඔලුවේ අසූචි. මෝඩ බයියන්ට මේවා තේරෙන්නේ නැහැ. ටකරමක් කන්න දුන්නම. ඡන්දෙ දෙනවා ඕන කෙනෙකුට.
වැරදි කරලා නැතිම කෙනෙක් තමයි මේ කතා කරන්නේ...
කෙබර කතා කියන්න එපා...
මේ තව ප්‍රනාන්දුගේ නෑදෑයෙක්..! මතකනොවැ තරඟ පාවා දීමේ මහා බයිලාව..! අනේ මොවුන්ටම ගිය රටක්..!
පාර්ලිමේන්තුවේ ඉන්න පිරිසිදුම සහ ගෞරවනීය කෙනෙකුගේ හොඳ කියමනක්... ඔහොම යං...
ඒකනේ.. මෙයා වගේ වැරැදි තිබුණත් බය නැතිව ඉන්න ඕනෑ. ලැජ්ජා නහරේ කපාගෙන. කාලකණ්ණි..
හොරකම් ගැන කතාකරන්න හොඳම කෙනා.
එතකොට අර ඔබතුමාගේ සහෝදර ඇමතිවරයෙක් දවස් 25ක් හංගාගෙන හිටියා කියලා කිව් තැනැත්තාත් වරදක් කරපු කෙනෙක් වෙන්න ඕන නේද ඇමතිතුමනි...?