IMG-LOGO

2025 ජුලි මස 26 වන සෙනසුරාදා


රුවන්-සෝල්හයිම් හමුවක්

(අංජුල මහික වීරරත්න)

නෝරවේ රාජ්‍යයේ හිටපු පාරිසරික අමාත්‍ය එරික් සොල්හෙයිම් මහතා සහ දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා අතර   ජනාධිපති ලේකම් කාර්යාලයේදී ‌ඊයේ (12) පැවැත්විණි .

අනාගතයේ ඇතිවිය හැකි දේශගුණික විපර්යාස පිළිබඳව මෙම සාකච්ඡාවේදී මූලික අවධානයට යොමුව ඇති අතර දේශගුණික විපර්යාස තත්ත්වයන් හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ සමාජය ගොඩනැංවිය හැකි ආකාරයන් පිළිබඳව සහ ඒ සඳහා ලබාගත හැකි ජාත්‍යන්තර සහයෝගය පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කරනු ලැබීය.

එරික් සොල්හෙයිම් මහතා ඇතුළු දූත පිරිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසී සාකච්ඡා කිරීමෙන් පසු දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා මුණ ගැසී සාකච්ඡා පවත්වා තිබෙි.

මෙම සාකච්ඡාවට පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනිල් ජාසිංහ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දේශගුණික අවදානම් සමුළුවේ ශ්‍රී ලංකා නියෝජිත සන්දිත් සමරසිංහ මහත්වරු  ඇතුළු පිරිසක් එක්ව සිටියහ.



අදහස් (6)

රුවන්-සෝල්හයිම් හමුවක්

de silva Thursday, 13 October 2022 01:46 PM

මේ සෝල්හයිම් යනු අපේ රටේ විශාල කොඩිවිනයක්.ඉස්සර මොහු කටයුතු කලේ රට විනාශ කරපු ප්‍රභාකරන් බේරා ගන්න .දැන් කටයුතු කරගෙන යන්නේ වර්තමානයේ රට විනාශ කරන රනිල් ,රාජපක්ෂ කල්ලිය සමඟ. මොහු නිතරම වැඩ කරන්නේ රටේ ජනතාවට විරුද්ධව

:       2       57

ABThursday, 13 October 2022 05:48 PM

සෝල්හයිම් ලංකාවට පැමිණ තිබෙනුයේ පරිසරය ගැන සාකච්චා කිරීම පිණිසය. ඔහුගෙන් ලංකාවට ලබාගත හැකි සහයෝගය ලබාගත යුතුවේ. පරිසරයේ තිබෙනාවූ වටිනාකම සහ පරිසරය ආරක්ෂා කිරීම පිලිබදව නව නීති තිබිය යුතුවේ. සමස්ත සත්වයගේම ජිවය රදා පවතිනුයේ පරිසරය මතවේ. පරිසරය ආරක්ෂා කිරිම ජාත්‍යන්තර සහයෝගය ලබාගැනීම පරිසර හිතකාමී රටක් ලෙස ශ්‍රී ලංකාව පත්කිරීමට නම් පරිසරයට හනිකරනා වූ දේශපාලන තීන්දුද නොගත යුතුවේ.

:       0       1

Kumara Thursday, 13 October 2022 03:20 PM

අම්මට හුඩු ලෝකේ ලොකුම පරාලය වගේ

:       1       41

sharm warn Thursday, 13 October 2022 03:28 PM

සොල්හයිම් රනිල් වගේම රටේ ජනතාවට අහිතකර දේවල් වලට පය ඉස්සර ගන්න මිනිහෙක් නිසා රනිල්ට නම් ගැලපෙනවා ඇති.ලංකාවට නම් එයාව ඕන නෑ.අනිත් එක අපිට දැන් තියන ප්‍රධාන දැවෙන ප්‍රශ්නය මේකද?ඉතුරු ඔක්කොම අති සුන්දරව සිද්ධ වෙනවද ?

:       6       22

fairoos Thursday, 13 October 2022 05:13 PM

පොහොට්ටුවෙ බයියන්ට නම් මේවා දැන් සාමාන්‍ය දේවල්. රටට හෙන ගැහුවත් කමක් නැහැ තමන්ගේ නායකයාන්ට කඩේ යන එකනම් හොඳටම කරනවා.

:       0       1

de silva Thursday, 13 October 2022 05:38 PM

සෝල්හයිම් යනු අපේ අය වගේම කල් ඉකුත්වූ පරණ දේශපාලකයෙක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 87 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 317 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 59 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site