(අංජුල මහික වීරරත්න)

නෝරවේ රාජ්‍යයේ හිටපු පාරිසරික අමාත්‍ය එරික් සොල්හෙයිම් මහතා සහ දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා අතර   ජනාධිපති ලේකම් කාර්යාලයේදී ‌ඊයේ (12) පැවැත්විණි .

අනාගතයේ ඇතිවිය හැකි දේශගුණික විපර්යාස පිළිබඳව මෙම සාකච්ඡාවේදී මූලික අවධානයට යොමුව ඇති අතර දේශගුණික විපර්යාස තත්ත්වයන් හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ සමාජය ගොඩනැංවිය හැකි ආකාරයන් පිළිබඳව සහ ඒ සඳහා ලබාගත හැකි ජාත්‍යන්තර සහයෝගය පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කරනු ලැබීය.

එරික් සොල්හෙයිම් මහතා ඇතුළු දූත පිරිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසී සාකච්ඡා කිරීමෙන් පසු දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා මුණ ගැසී සාකච්ඡා පවත්වා තිබෙි.

මෙම සාකච්ඡාවට පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනිල් ජාසිංහ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දේශගුණික අවදානම් සමුළුවේ ශ්‍රී ලංකා නියෝජිත සන්දිත් සමරසිංහ මහත්වරු  ඇතුළු පිරිසක් එක්ව සිටියහ.