IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රුවන් විජයවර්ධන ආරක්ෂක රාජ්‍ය අමාත්‍යධුරයේ වැඩ අරඹයි

 

 

‘අවුරුදු තුනක් තිස්සේ කරගෙන ආ වැඩපිළිවෙල  ඉදිරියට ගෙන යන්න මාස දෙකකට පසු නැවත අවස්ථාව ලැබී තිබෙනවා‘ යැයි රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා අද  (24)  පැවසීය.

ඔහු මේ බව පැවසූයේ රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය ඇමැති ලෙස වැඩ භාරගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 

මහාසංඝරත්නයේ  ආශිර්වාදයෙන් අනතතුරුව විජයවර්ධන මහතා වැඩ භාරගත්තේය.  

එහිදී තවදුරටත් අදහස් දැක්වූ විජේවර්ධන මහතා මෙසේද පැවසීය.

"මාස දෙකකට විතර පස්සේ හිටපු අමත්‍යාංශයේම රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා ලෙස නැවත වැඩ භාරගන්න ලැබීම ගැන සතුටු වෙනවා. අපි අවුරුදු තුනක් තිස්සේ කරගෙන ආ වැඩපිලිවෙල රටේ ආරක්ෂාවට මුල්තැන දීලා කරගෙන යන්න මම බලාපොරොත්තු වෙනවා. ත‍්‍රිවිධ හමුදාවේ අවශ්‍යතාවයන් සැළකිල්ලට අරන් ඔවුන්ගේ ප‍්‍රශ්නවලට පුළුවන් තරම් ඉක්මනින් විසඳුමක් ලබාදෙන්නත් බලාපොරොත්තු වෙනවා. 

එදාට වඩා අද දේශපාලන වාතාවරණය ගොඩක් වෙනස්වෙලා. අපි කලින් පක්ෂ ගණනාවක එකතුවක් ලෙස ජාතික ආණ්ඩුවක් හැටියටයි කටයුතු කළේ. එහෙත් දැන් තිබෙන්නේ එක්සත් ජාතික පෙරමුණ විතරක් ඉන්න ආණ්ඩුවක්. දැන් ජාතික ආණ්ඩුවක් නැහැ. ජනාධිපතිතුමාගේ ආශිර්වාදය හා මගපෙන්විමත් අගමැතිතුමාගේ නායකත්වය හා උපදෙස් අනුවත් මගේ රාජකාරිය කරන්න බලාපොරොත්තු වෙනවා. "
 
 

 ((මුදිතා දයානන්ද - ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (1)

රුවන් විජයවර්ධන ආරක්ෂක රාජ්‍ය අමාත්‍යධුරයේ වැඩ අරඹයි

Hafeel Monday, 24 December 2018 06:59 AM

කොහෙද ජනාධිපතිතුමාගේ ආශිර්වාදය?

:       107       122

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site