
(අංජුල මහික වීරරත්න)
දේශපාලනයට පිවිසීමේ දී කිසිදිනක වරප්‍රසාද හෝ පාර්ලිමේන්තු පඩිය ගැන හිතන්නට එපා යැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පක්ෂයේ තරුණ පරපුරට උපදේශයක් දෙමින් පැවසීය.
එක්සත් ජාතික පක්ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනේ තම දෙසුම අතර තරුණයන් අමතමින් රුවන් විජයවර්ධන මහතා කීවේය.
ඉදිරියේ රටට මෙන්ම පක්ෂයට නායකත්වය දෙන තරුණ ඔබ ඇමති වරප්‍රසාද හෝ පාර්ලිමේන්තු පඩිය ගැන නොසිතා සැමවිටම රට ගැන සිතිය යුතු බවයි .
"එසේ සිතා දේශපාලනය කරන්න .අද ජනතාවට දේශපාලකයන් එපා වී ඇත්තේ එසේ නොසිතන නිසයි.
ජනතා ඡන්දය ගෙන තමන් පෝෂණය වනවා යන චෝදනාව සෑම දේශපාලනඥයෙක්ටම තිබෙනවා. ඡන්දයෙන් පසු ඇමතිකමක් ගෙන වරප්‍රසාද භුක්ති විඳින බවට වන චෝදනාව ඔවුන්ට තිබෙනවා .අප එවැනි තැනකට පත් විය යුතු නැහැ.යනුවෙන් ද විජයවර්ධන මහතා සඳහන් කළේය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී මෙම සාමාජික ප්‍රවර්ධන වැඩසටහන පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ඔබතුමාලා ඔය විදිහට නොසිතන්නේ .තවමත් ප්‍රමාධ වැඩි නැහැ
දේශපාලනයට පිවිසීමේ දී කිසිදිනක වරප්‍රසාද හෝ පාර්ලිමේන්තු පඩිය ගැන හිතන්නට එපා