(අංජුල මහික වීරරත්න)
රට බංකොලොත් වුණේ ආණ්ඩු නිසා නොව ශ්‍රී ලංකා මහා බැංකුව සහ එහි නිලධාරීන්ගේ ක්‍රියා කලාපය නිසා යැයි හිටපු මුදල් ඇමති සහ එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක මහතා පැවසීය.
මහා බැංකුව කටයුතු කරන්නේ කිසිම ප්‍රායෝගික දැනුමකින් නොවේයැයි ද මහා බැංකුව අද කරන්නේ ඒ අයගේ රාජකාරිය නොවේ යැයිද කී කරුණානායක මහතා ඒ අය ආණ්ඩු කරන්න හදනවා යැයිද එතකොට ජන වරමෙන් පත් වුණු ආණ්ඩුව කරන්නේ මොකක්දැයි ප්‍රශ්න කළේය. හිටපු මුදල් ඇමති රවී කරුණානායක මහතා මෙි බව කීවෙි ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ රජමල් වත්තේ පිහිටි නිවසේ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට හොරකම් කරපුවා... දැන් පෙන්ට් හවුස් එකට වෙලා ඉන්නඒවා... ඒවා කාගෙ වැරැදිද?
අනේ මෙයාට මහ බැංකුව ගැන තියන අනුකම්පාව සහ ආදරේ... එදා බලයේ ඉන්නවිට මෙයාට අමතක වුණාට.., දැන් මෙයාට මතකයි නේද? අනික ජනවරම ගැන කතා කරන්න ලජ්ජා නැද්ද? ඔයාගේ ලොක්කා දැන් ජනාධිපති වෙලා ඉන්නේ ජනවරමකින්ද?
බදු නොගෙවා එතනෝල් ගේන්න දුන්නු ඒවා, කරුංකා වල බදු හොර කරපුවා, දන්නේම නැතුව පෙන්ත් හවුස් ලැබුණු ඒවා, වාරයේ තමන්ගේ කොම්පැනියට ගුදම් දීපු ඒවත් බැංකු සේවකයින්ගේ වැරැදි නේද මිස්ටර්? නිකන් යන්න හලෝ...
ආර්ථික විද්‍යා උපාධි නොතිබුණත් මංගල සමරවීර ඇමතිට තිබුණා ආර්ථික දැක්මක්... එතුමගේ පන්සල ගැන හා ආර්ථිකේ ගැන තිබුණු දැක්මට එකඟයි. බොරු සෝබන නොකර ඩොලර් එක හිර කරන්නේ නැතුව ආර්ථිකේ ගෙනිච්චා නම් අද ලංකාවට සංචිත ප්‍රශ්නයක් නෑ. උද්ධමනයක් ආවත් එන ඩොලර් එක්ක ඒක සමතුලිත වෙනවා. අද කරන්නේ ඊළඟ ආණ්ඩුවට ඩොලර් බෝම්බයක් බාරදෙන්න යන එක. ස්ථාවර වෙන්න රටට ඩොලර් එන්න ඕනෑ. රටට ඩොලර් එන්න සැබෑ විනිමය අනුපාත තියෙන්න ඕනෑ. ඩොලර් හොරුනම් එනවා.. අපේ share market එක අල්ලන්න. අපිට වෙන්නේ එක සැරයක් මැලේසියාවට වුණුදේ... ලංකාවේ ඩොලර් හොරුන්ගේ අතකොළුවක් වෙනවා. ඩොලර් එන්න ඕනෑ ණයවලින් නෙවෙයි, ප්‍රේෂණ හා ආයෝජනවලින්. ඒ දෙකම එන්නේ නෑ. ඩොලර් මිල හිරවෙලා නිසා...
අනේ මේ කුක්කු පිටියට උක්කුං බෝතලේ දෙන්නකෝ. මේ රජකාලේ දඬුවම් දෙන්න ඕනි කෙනෙක්.
තමන්ගේ නායකයා සමග එක්ව වී මහ බැංකුව සුද්ද කළා කියන කෙනේ නේ මේ කට අරින්නේ. නුදුරේදීම ජනතාව ඔබේ නායකත්වයත් දේශපාන කුණු බක්කියට ඇද දමයි. ඔබ එහි ගොස් බොහෝ කල්.
මහ බැංකුව සුද්ද කරන්න හවුල් වෙච්චි මගෝඩිස් එක්කෙනෙක් තමයි මේ හොර දෙටුවා. ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ වැරදිලාවත් මේ වගේ හොර දෙටුවන් පාර්ලිමේන්තුවට එවන්න එපා...
හොඳ වෙලාවට නිවසේ ඉඳන් කිව්වේ නැතිනම් කුණු බිත්තරයක් වදිනවා.
මෙයා මොකවත් නොදන්න බබා? තමුන් මුදල් ඇමැති වෙලා ඉන්න කාලේ මහ බැංකු බැඳුම්කර වලට වෙචිචි දේවල් දන්නේම නැහැ. දැන්නම් සුද්දවන්තයින්..!
නන්දලාල් මැතිතුමා නිසා නේද රටේ ආර්ථිකය මෙහෙමවත් රැකිලා තියෙන්නේ...?
මූට ආයෙ හොරා කන්න ආස හිතිලා වෙන්න ඇති.
මහ බැංකු සුද්ද ආයෙ ඉව අල්ලන්නෙ මොකාටද. මෙයා කලොත් මහපොළොව ගිල්ල වගෙයි . ආයෙ හෙවිලි බොරු.
මුගේ කතා දාන පත්තර වලටත් ලජ්ජාවක් නැහැ
මොකෝ මේ අළු ගසා දාන්නේ ආයේ එන්නවත් ද. ආයේ නම් මේ ලංකාවේ ඔබතුමාලට තැනක් නෑ. ඔබතුමාලා වගේ පිරිස් වැරදිලාවත් චන්දෙන් පාර්ලිමේන්තු ගියොත් මේ රටේ මිනිස්සු කවදාවත් පාඩම් ඉගෙන ගන්න පිරිසක් නෙමෙයි. රට ගොඩගන්නවා කියන එකත් බොරු. ඒ නිසා පින්සිද්ද වෙයි අනාගත පරම්පරා ගැන හිතලා වෙන අතක් බලාගන්න. දැන් ඔය කෙරුවා හොඳටම ඇති.
හරියටම හරි, රට මේ තත්ත්වයට වැටුණෙ මහ බැංකු නිලධාරීන්ගෙ ක්‍රියා කලාප නිසා තමයි, එතකොට එයාල ඒ ක්‍රියාවලට යොමු වුණේ කාගෙ ක්‍රියා කලාප නිසා ද කියලා නුවණ පහළ වෙලා. කට බොරු කිව්වත් දිව බොරු කියන්නෙ නැහැ නෙව.
පන්නලා දැමිය යුතු තව එක අපතයෙක් මෙයා
අනේ මෙයා දන්නා මහ බැංකුව .මොනවා නැතත් හොරකම නම් හොඳට දන්නවා
හරිම අප්පිරියයි මෙයා...හිතන්නෙ මහ ලොකු මිනිහෙක් කියලා....මේ මනුස්සයා හිරේ ඉන්න ඕන පල් හොරෙක්....චීයා.....
බැංකු මංකොල්ලයක් උනේ මෙයා රාජ්‍ය බැංකුවලට දාපු දෝස්මුරේ කියලා කොමිසමේ කිය උනා. මේ ඒ දෝස්මුරය නොදැම්මා නම් බැංකු මංකොල්ලය නොවන්න ඉඩ තිබුනා. අඩු පොලියට මුදල් දීමට ඉදිරිපත් නොවන ලෙසට රාජ්‍ය බැංකුවලට මුදල් ඇමති හැටියට බලකලා කියලා කිය උනා
මුළු සතොසම හොරා කාලා බංකොලොත් කළා.හැම තැනින්ම කොමිස් කුට්ටි ගණන් ගහපු පතල් පොරක් කතා කරයි .මහ බැංකුව කාපු තවත් එකෙක් තමයි මූ .ගිය තැන හොරා කෑවා .දැන් සුදනෝ වෙන්න හදනවා
හෙලිකොප්ටර් එකෙන් යාපනේ ගියානේ ඩොලර් හොයන්න කියලා. කෝ ඒවා ලැබුනද. කොටි හන්ගපුවද කොහෙද හොයන්න ගිහින් තියෙන්නේ. ඒ ගැනත් දැනුවත් කරන්න රටේ ජනතාව. මුන්ට ලැජ්ජාව නැතිකමයි, බොරුකියන එකයි සාමාන්‍ය දෙයක් වෙලා.
මහබැංකුව, සතොසයි දෙකම හොදටම හොරාකාපු එකෙක් තමයි ඔය සුද්ධෝදන වගේ කතාකරන්නෙ. බැසිලා වාගෙම ගූ බෙට්ටෙනුත් කොමිස් ගන්න දූශිතයෙක්.