
(අංජුල මහික වීරරත්න)
හැමදාම වැල් පාලමේ ඉන්න බැරි බව එක්සත් ජාතික පක්ෂ ජාතික ලේකම් රවී කරුණානායක මහතා පැවසීය.
ඉක්මනින් ස්ථිර පාලමක් හදාගත යුතු බව කී කරුණානායක මහතා කඩිනමින් ණය බරෙන් එළියට පැමිණිය යුතුව තිබෙන්නේ යැයි ද සඳහන් කළේය.
බුලත් කඩයක් වත් නැති අය ආර්ථිකය දුවවන හැටි රටට පෙන්වා දිය යුතු බව කී කරුණානායක මහතා මැතිවරණය නියමිත කාලයේදීම පැවැත්විය යුතු බවට ජනපති දැනුම් දී තිබෙන්නේ යැයි කීය.
දැන් විදෙස් ආයෝජන රටට එන්න පටන් ගෙන ඇති අතර නවතා තිබූ විදෙස් සංවර්ධන ව්‍යාපෘති නැවත පටන් ආරම්භ කෙරෙමින් තිබෙන බව කරුණානායක මහතා පැවසීය.
කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් රවී කරුණානායක මහතා මේ බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා මුදල් ඇමතියා වෙලා හිටපු කාලේ කියපු කරපුවා ගැන අපිට අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .රටම හොරාකාලා කාබාසීනියා කරන්ඩ දායක වෙච්චි එකෙක්?
ආපෝ මෙයා ඇවිත් දයා ගමගේත් එක්ක එකතූවෙලා කුරුඳු, ගම්මිරිස් කරුංකා පුවක් රටින් ගෙන්වීමේ බිස්නස් පටන් ගත්තාම අපි වැල් පාලමෙන් ගඟ මැදටම වැටෙයි...!!!
රනිල් සමග පමණක් මහ බැංකුව කොල්ල කෑ ඉතිහාසයේ විශාලතම මංකොල්ලකාරයා ඇලෝසියස්ගෙන් රුපියල් මිලියන 150ක පෙන්ට් හවුස් සඳහා අල්ලස් ලබා ගත්තේය.
යහපාලනයේ දී රවී කරුණානායක ඇලෝසියස්ගෙන් කෝටි 15ක් වටිනා පේන්ට් හවුස් අල්ලස් ගත්තා. දැන් ඔහු පාලම් ගැන කතාකරයි...
අල්ල කසනවද? ඒ කියන්නේ ඉදිරියේදී සල්ලි...!
මේ ඉන්නේ ලෝක හොරෙක්
2019, 20 , 21 ,22 සමයේ එල්ලෙන්න වැල් නැතිව නන්නත්තාර වෙලා හිටිය මනුස්සයාට වැල් පාලම හොඳ නැද්ද? මේ ගොල්ලන් ගොඩ මේ ගොල්ල කරපු හොරකම් නිසා ජනතාවට තමයි බෙල්ලේ වැල දමාගන්න වෙලා තිබෙන්නේ...!
මම හිතුවේ වැල් පාලම එපා වෙලා බෙල්ලේ වැල දාගෙනවත්දෝ කියලා. එහෙම සේවයක් වත් රටට වෙනවා නම්.