
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අඩු ගණනේ රිලවෙක් දෙන්නෙක් අල්ලගෙන ආවොත් රුපියල් පන්සීයක්, දාහක්වත් මිනිසුන්ට දෙන වැඩසටහනක් ක්‍රියාත්මක කළොත් හොඳ යැයි කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"පොල් ගෙඩි මිලියන ගණනින් රිලවු විසින් විනාශ කරනවා. අප මේ සතුන් සංහාරය කරන්නත් හැකියාවක් නෑ. එහෙම කළොත් පරිසර සංවිධාන විරුද්ධව නැගිටිනවා වන්ද්‍යාකරණ වැඩසටහනක් වත් කරන්න පුළුවන් නම් හොඳයි" යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රිලා බයිට් ප්‍රමෝට් කරමු.
ඔය විදිහට අල්ලන රිලව් දෙන්න කියන්නේ කාටද? ලාල්කාන්තටද? නාමල් කරුණාරත්නටද? අර වේලි වේලි තියෙන වී ගබඩා වලටවත් ගාල් කරගන්න බැරියෑ. සජබයියොත් දැන් මෝඩ ජෙබයි කතා කියනවා.
තාත්තා යටියන්තොට, කිතුල්ගල පැත්තේ ඔක්කොම කැලෑ සුද්ද කරලා දැම්මා. දැන් පුතා රිළවෙක් අල්ලපු වම ගානක් දුන්නලු. ඊට පස්සේ ඒ රිලවව ඔබතුමාගේ යටියන්තොට ගෙදරට ගෙනියනවද?
රිලවුන්ට උපත් පාලන කොපු (කොන්ඩෝම්) පාවිච්චිය හඳුන්වා දෙමු. එයින් ආර්ථික වාසිද ලබාගන්න පුළුවන් වේ. රිලා සයිස් කොන්ඩෝම් නිෂ්පාදනයට කර්මාන්ත ශාලා පිහිටුවා, දහස් ගණනකට ඒවායේ රැකියා අවස්ථා ඇති කරමු. NGO කීපයක් තෝරාගෙන, රිලවුන්ට කොන්ඩෝම් පාවිච්චිය ගැන පුහුණු වැඩ සටහන් තියමු. ඔවුන්, ජාත්‍යන්තර ආධාර ආයතන වලින් ඇති තරම් මුදල් ආධාර ලබා ගනු ඇත. එමගින් විදේශ විනිමය ලංකාවට ගලා එනු ඇත. (USAID නැති එක මහා ලොකු පාඩුවකි) NGO අධ්‍යක්ෂක වරුන්ට සුර සැප විඳිය හැක. රිලා ප්රශ්නය සදහටම විසදාගත හැකි වනු ඇත.
අන්න අදහසක්. වියදම් නොකර ඔය වැඩේ සාර්ථක කර ගන්න බෑ. මීයන් මරාගෙන ආවොත්, මදුරුවන් මරා ගෙන ආවොත් ගාණක් දෙන රටවල් මේ ලෝකෙ තියෙනවා. එහෙමයි ඒ රටවල් වැඩ කරන්නේ...
රිලා ටීවී එකේ, පත්තරේ, රේඩියෝවේ මුදල් ගෙවා ප්‍රචාරය කරන දැන්වීම් දාන්න. ඕනෑ තරම් ඒවා තියෙන්නේ...
රිළව් මරාගෙන කන ජාතියක්... අපේ රටේත් ඉන්නවා නේද?