
(යොහාන් භාසුර)
දුම්රිය රියදුරන්ගේ හිඟය හේතුවෙන් දුර ගමන් සේවා දුම්රිය ඇතුළු දුම්රිය රැසක් ධාවනය කිරීමට නොහැකි තත්වයකට පත්ව ඇති බවත් වයස 60 ට වැඩි විශ්‍රාමික රියදුරන් කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීමට රාජ්‍ය සේවා කොමිසමෙන් අනුමැතිය ඉල්ලා ඇතත් මේ දක්වා සතුටුදායක ප්‍රතිචාරයක් ලැබී නොමැති බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
වයස 60 ඉක්මවූ දුම්රිය රියදුරන් 20 කට අධික සංඛ්‍යාවක් විශ්‍රාම ගැන්වීම මෙම තත්වයට ප්‍රධාන හේතුව බවත් ඒ සම්බන්ධයෙන් දේශපාලන අධිකාරියේ අවධානය වාහාම යොමුවිය යුතු බවත් එම නිලධාරියා කීය.
අනුරාධපුර, වව්නියාව, ත්‍රිකුණාමලය, මඩකළපුව සහ බදුල්ල ආදි දුරගමන් සේවා දුම්රිය, භාණ්ඩ සහ ඉන්ධන ප්‍රවහන දුම්රිය මෙන්ම ත්‍රිකුණාමලයට තිරිඟු පිටි ප්‍රවාහන කරන දුම්රිය ද අවලංගු කිරීමට සිදුව ඇති බව කී එම නිලධාරියා ඉදිරියේදී තවත් දුම්රිය අවලංගු කිරීමට සිදුවනු ඇති බව ද සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
376
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
223
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1016
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රියදුරන් නැතිව තවත් දුම්රිය රැසක් කොට උඩ
Lalla Monday, 06 March 2023 04:37 PM
මේ තරම් උගතුන්ට රැකියා නැතිව සිටියදී මේ වෘත්තීය පුහුණුව නොදෙන්නේ දැනට සිටින රියදුරන්ට අතිකාල ගන්න කියන කථාව ඇත්ත නේද? නාකින්ට පැන්ෂන් නොදී රඳවාගෙන දෙන පඩියෙන් වෘත්තීය සමිතිවල ලොක්කන්ට කුට්ටිය දෙන කථාව ඇත්ත කියල දැන්නම් තේරෙනව!!!