(ප්‍රසාද් රුක්මල්)
ස්ප්‍රීංවැලි මේමලේ සිට බදුල්ල බලා ධාවනය වෙමින් පෞද්ගලික බස්රථයක් අද (3) උදෑසන ඉබුල්ගොඩ දුම්බිලියාව ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන අඩි 1000ක පමණ ප්‍රපාතයකට පෙරලී යාමට ගිය අවස්ථාවේ එම අනතුර වළක්වා ගැනීමට එහි රියදුරුගේ දක්ෂතාව මත අනූනවයෙන් බේරාගෙන බස්රථය නවතා ගැනීම නිසා මගීන් 40කගේ ජීවිත බේරුණු බව බදුල්ල පොලිසිය පවසයි .
බස්රථයේ ඇති වූ හදිසි කාර්මික දෝෂයක් නිසාවෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය සැකකරයි .
බස්රථය ප්‍රපාතයට පෙරලී ගියේ නම් පහළ නිවාස කීපයක් මතට වැටී විශාල අනතුරක් සිදු වීමට ඉඩ කඩ තිබිණ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනතුරක් සිදු වූ පසු රියැදුරු තැන අමතන ක්‍රමයට වඩා දිවි බේරා දුන් රියැදුරු මහතුන් පසසන එකත් හොඳයිනේ නේද ඒ රියැදුරු මහතාට අපගේ ප්‍රසංසාව පිරි නමමු.!
පාරේ බස් එක ගෙනියන රියදුරෙක්. ඔය බස් එක පාරේ එනකොට පොඩි වාහන අයින් කරගන්න ඕනෑ. රියදුරුගේ දක්ෂතාවය නොවේ.. මගීන්ගේ වාසනාව... කදන, අභයපුර, දුනුවන්ගිය, තොරණ කපොල්ල, කනුපලැල්ල ඉන්න මිනිස්සුන්ගෙන් ඇහුවා නම් කියයි කොහොමද බස් එක යන්නේ කියලා. අපිත් ඔය බස් එක නිසා 99න් බේරුණු වාර අනන්තයි. බයිසිකල්වලින් යන ගුරු මහත්මීන්ගෙන් අහලා බලන්න ඔය පාරේ මූණටම තමයි එන්නේ ගැහැණු කෙනෙක් දැක්කොත්....