IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


රිය අනතුරින් යුද හමුදා සෙබළෙක් මරුට

 

සී.සී.ටී.වී දර්ශණ (ප්‍රියන්ත ජයලත්)

( දිල්රුක්ෂි ග්‍රේරු ) 

නුගේගොඩ ගුවන් පාලමේදී බස් රියක් සහ යුද හමුදා කැබ් රථයක් ගැටී සිදු වූ අනතුරින්  හමුදා සෙබළෙකු  මියගොස්  තවත් සෙබළුන් දෙදනකු තුවාල ලබා ඇතැයි  පොලීසිය කියයි.

 කැබ් රියේ රියදුරු ලෙස කටයුතු කළ යුද හමුදා  සෙබළා  මෙසේ මිය ගොස් ඇති බව හඳුනාගෙන ඇතැයි පොලීසිය කියයි.

 තුවාල ලැබූ දෙදෙනා  දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළු කර තිබේ.

  අද (20) උදෑසන මෙම අනතුර සිදුව ඇති අතර   බස් රියක් අනාරක්ෂිත ලෙස  තවත් බසයක්  පසු කර යෑමට ගත් උත්සාහයකදී  ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි  හමුදා කැබ් රිය  බසයේ ගැටී මෙම අනතුර සිදු වී තිබේ. 

(ඡායාරූප -බිමල් ශ්‍යාමන් ජයසිංහ )

 



අදහස් (8)

රිය අනතුරින් යුද හමුදා සෙබළෙක් මරුට

latha Monday, 20 July 2020 05:06 AM

බස්රථවලට ගුවන් පාලමේ යා නොහැක. එය විශේෂයෙන් දක්වා ඇත. යා හැක්කේ සැහැල්ලු වාහන පමණි. පාරවල් වලදී මිනිසුන් ඝාතනය කිරීම වැනි ඔවුන් කරන්නේ කෙසේද? නීතියක් තිබේද? රථවාහන පොලිසියේ කිසිදු ක්‍රියාමාර්ගයක් නොමැත.

:       0       42

wicky Monday, 20 July 2020 05:11 AM

බස් වලට කිසිම නීතියක් ක්‍රියාත්මක කරන්න බැරි පොලිසියක් ඉන්න රටක් කොහොමද විනයක් බලාපොරොත්තු වෙන්නේ.?

:       0       38

SL Monday, 20 July 2020 06:40 AM

මේ වාහන ඉන්දියාවෙන් අරගෙන. වැදුනොත් මරුනා !! කෝ එයාර් බැග්

:       1       0

Don Monday, 20 July 2020 10:05 AM

බස් රථවල ගමන් කරන පුද්ගලයින් බස් රියදුරන්ගේ හැසිරීම ගැන පමණක් දන්නා අතර ඔවුන් එකිනෙකා සමඟ තරඟ කරන්නේ ඉහළ අවදානම් සහ නොසැලකිලිමත් ලෙස රිය පැදවීමෙනි. රථවාහන පොලිසිය ඔවුන්ගේ රැකියාව නොසලකා හරිමින් මුළු දවස පුරාම ජංගම දුරකථනවලට මුලිකත්වය දෙයි.

:       0       21

තේජාන්විත Monday, 20 July 2020 10:08 AM

බස් ලේන් එක කියලා වෙනම එකක් තිබුනට එකේ වෙන වාහන යන්න බැරි උනාට බස් වලට ඕනෙම ලෙන් එකක යන්න පුළුවන්. විස්වාස කරන්න මොන ආණ්ඩුව මොන පාලකයා ආවත් ලංකාවේ පුද්ගලික බස් සේවය කවදාවත් හැදෙන්නේ නෑ .

:       0       55

Prabha Monday, 20 July 2020 10:18 AM

දැන් මේ බස් රියදුරා රිමාන්ඩ් කරයිද ඇප දෙයිද.?

:       0       0

Raveendra Monday, 20 July 2020 11:54 AM

මෙම බස්රථ මගමරුවා ඉදිරිය පෙනී පෙනී තවත් රථයක් ඉස්සර කිරීමට දරපු උත්සාහයෙන් වටිනා ජිවිතයක් රටට අහිමි උවා නොවේද ??

:       0       0

Rohana Monday, 20 July 2020 04:57 PM

බස් රියැදුරන් අනාරක්ෂිතව වාහනවලට ඉස්සර කරනවා නිතරම දකිනවා. මෙවැනි රියදුරන් අධිකරනයෙන් වරදකරු වූනොත් දැඩි දඩුවම් දිය යුතුයි.

:       0       60

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

හපුතලේ ගමකට මහ සුළඟක්
2025 මැයි මස 13 328 0

හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත


මෙරට තරුණයන්ගෙන් ලක්ෂ 65 අක්‍රියයි
2025 මැයි මස 13 530 0

රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස


වෙන්නප්පුව මුහුදේ සිවු දෙනෙක් ගසාන යති
2025 මැයි මස 13 372 0

වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව


මහරගම තරුණ සේවා සභාව ලස්සන දන් දෙයි
2025 මැයි මස 13 664 0

වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.


ලුණු මිල ඉහළට
2025 මැයි මස 13 1307 2

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.


කොත්මලේ අනතුර ගැන සොයන කමිටුව කොත්මලේට
2025 මැයි මස 13 617 0

කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1302 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1548 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site