
(චමිලා අල්විස්)
හොරණ දෙස සිට ඉංගිරිය දෙසට දරුවන් දෙදෙනෙකු සමඟ යතුරුපැදියකින් ගමන් කළ කාන්තාවක් පසුපසුපසින් පැමිණි ත්රීරෝද රථයේ ගැටීමෙන් අවුරුදු අටක් වයසැති දියණියක් මියගොස් මව සහ තවත් දරුවෙකු බරපතල තත්ත්වයෙන් රෝහල්ගත කළ බව හොරණ පොලිසිය කියයි.
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ හොරණ ඉලිඹ ප්රදේශයේ කාන්තාවක සහ දරුවන් දෙදෙනෙකි.
අනතුරෙන් පසු හිස බරපතල තුවාල වු වැඩිමහල් දරුවා මියගොස් ඇති බව හොරණ රෝහල් ආරංචි මාර්ග පවසයි.සිද්ධිය සම්බන්ධයෙන් හොරණ මූලස්ථාන පොලිසිය පරීක්ෂණ සිදු කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර ගැහැනුන් පවුලම දමාගෙන සංඥා නොතකා, යාමේ ප්රතිඵලයක් වියහැක. නැත්නම් හදිසි කුලප්පුව හැදුනු ත්රීරෝද කරුවෙකුගේ ක්රියාවක් විය හැක. මොනව වුණත් ප්රතිඵලය ඛේදවාචකයක් . බොහෝ යතුරුපැදිවල පිටුපස ලාම්පු වැඩ නැත. බ්රේක් ලයිට් වැඩ නැත. රෑට පස්ස කරුවලේය. ඒ බව දන්නේද නැත.
මේ රටේ ත්ර්රි රෝද කියන්නේ කාලකණ්ණින්ටම වෙන් වුණු නීතියක් චාරයක් නැති පිරිසක්. ඔවුන්ගේ අසික්කිත ජීවන රටාව නිසා රටේ පැවැත්මට බාධාවක්. ගොඩාක් රටවල ඒ උප සංස්කෘතිය නැත්තේ ත්රීරෝද නැති නිසා...
අනුන්ට දොස් කියලා තේරුමක් නැත. කාන්තාවන්ට ස්කුටි පැදීම තහනම් කළ යුතුයී. පව් අහිංසක ජීවිත. අනික එක බයිසිකලයක 3 න් දෙනෙක්. යන්න පුලුවන්ද කකුල තියාගන්න තැනක් නැතිව බැලන්ස් නැතිව යනවා.
පස්සෙන් ආව ත්රිරෝද රිය වැරැදියි. නිසි පරතරය තියාගෙන ආවානම් ස්කූටිය වැරැදි හැරවීමක් කළත් අනතුරක් නොවී නවත්වා ගන්න පුළුවන්. ස්කූටිය ට්රැක්ටරය අස්සට ගිහින් තියෙන්නේ කොහොමද?