
( රංජිත් රාජපක්ෂ )
එකම පවුලේ ඥාතින් පිරිසක් ගමන් කළ ජිප් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් විමෙන් ජිප් රථයේ ගමන් ගත් පස්දෙනෙකු තුවාල ලබා මස්කෙලිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු දික්ඔය මුලික රෝහල වෙත මාරු කර යැවු බව මස්කෙලිය පොලිසිය පැවසිය.
ශ්‍රි පාද වන්දනාවේ පැමිණ (29) දින පැමිණ ආපසු අද (30) දින ගොඩකලවෙල දක්වා ජිප් රථය ධාවනය කරන අවස්ථාවේ ජිප් රථය නල්ලතන්නිය මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ මස්කෙලිය බ්‍රවුන්ලෝ වත්ත ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වි ඇත.
ජිප් රථය අනතුරට පත් වන අවස්තාවේ ජිප් රථය තුල හත්දෙනෙකු ගමන් කර ඇති අතර, ඉන් කුඩා ළමයෙකු සහ රියදුරා සුළු තුවාල ලබා ඇත.
ධාවනය වෙමින් තිබු ජිප් රථයේ රියදුරුට නින්ද යාමෙන් මෙම අනතුර සිදු වි ඇති බවත්, අනතුරෙන් ජිප් රථයට දැඩි අලාභ හානි සිදු වි ඇති බවයි පොලිසිය කියා සිටියේ.
අනතුරෙන් කාන්තාවන් සිව්දෙනෙකු පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර, තුවාලකරුවන් ගොඩකවෙල, බළංගොඩ සහ රාගල ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි අනතුර සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන මස්කෙලිය පොලිසිය කියා සිටියේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවටද ජීප් කියන්නේ මම නම් අහලා තිබුනේ ඕක බොලෙරෝ වර්ගයේ කුඩා ලොරියක් කියලා කොහොම හරි ලොරියක්ද, ජීප් එකක්ද කියලා. ඉදිරිපස වීදුරුවේ අලවා තියෙන වාර්ෂික බලපත්‍රයේ ඇති...